Chapter 8 - I m fine

543 136 73
                                    


" හ්.......යු.......න්ග්.......ම...ට....මට....රි.
දෙ........නවා "

ජන්කුක් කෙදිරි ගෑවේ ආයාසයෙන්. ඒත් එක්කම ජන්කුක් ගෙ සිහිය නැති වුණා.

" හ්‍යුන්ග් මොනවහරි කරන්න. " ටේ කීවේ අඩන ගමන්. ජිමිනුත් අඩනවා

" මේ අහිංසකයට උන් කොහොමද මේ වගේ දෙයක් කළෙ?" හැමෝගෙම ඇස්වල කදුළු. ඒත් යුන්ගිගේ විතරක් ඇස් වලින් ගිනි පිට වෙනවා

" මම ඔ්කුන් එකෙක්වවත් තියන්නේ නෑ. තට්ටෙන් තට්ට ගලවනවා මේ පොඩි එකාට කරපු දේට " යුන්ගි කෑගැහුවේ අළු වලට කොටන ගමන්

" හොබී එයාව බලන්න. පොරොන්දුව කෙසේවෙතත් කූව නැති වෙන්න දෙන්න බෑ " 

" මම පුළුවන් දෙය්ක් කරන්න බලන්නම්. ටේ එයාව කාමරේට ‌ගෙනියන්න " 

***********************

   රෑ එළිිිිිවෙනකම් හොබී ජන්කුක්ට බෙහෙත් කළා. ඒකෙන් හොබීව දුර්වල වුණත් හොබී ඒක නතර කළේ නෑ. හැමෝම හිටියේ ජන්කුක්ගේ කැබින් එකේ. තාමත් සැරින් සැරේට ටේමින් දෙන්නා අඩනවා.

" නවත්තපියව්කෝ ඔය අඩෝවැඩියාව. ගෑනි මැරිලා වගේනෙ මෙතන අඩන්නේ." යුන්ගි කෑගැහුවේ බැරිම තැනග

" මේ මින් යුන්ගි, තමුසෙට හැගීම් දැනීම් නැති වුණාට අපිට තියෙනවා.  තමුන් හිතන්නේ තමුන් ගැන විතරයි. අපි කට්ටිය හම්බෙලා පැය ගානක් විතරයි තමයි. ඒත් මනුස්සකමක් තියෙනවා නේද? අපි දැන් කණ්ඩායමක් " ජිමින් වචනවලින් දමලා ගහද්දී යුන්ගි ගල් ගැහුණා. එයා කොයිම වෙලාවකවත් ඒ විදිමට හැසිරුණේ නැ. ඒයා හැම හැගිමක්ම පිට කරේ තරහින්

" චිමී හ්යුන්ග්ට බනින්න එපා. එයා වැරදි නෑනේ " ටේ කීවේ කදුලු පිහින ගමන්

" ඔයා කට වහගන්න ටේ. ඇයි ඔයා එයාගේ පැත්ත ගන්න හදන්නේ? එයා තමයි ඔයාට තුවාල කළේ " 

" චිමී ඒක අත්වැරැද්දක් "

" මම ඉන්නෙ හට ඔ්නි විදිහට. කාටවත් ඔ්නි විදිහට නෙවේ " කෑගහපු යුන්ගි එතනින් පිට වුනේ තරහින්මයි. ඒත් ජිමින්ගේ වචන වලට ඔහුගේ හිත රිදුණා. 

" ඔයාලා රණ්ඩු කරන එක නතර කරනවද දැන්වත්. අර තුවාල වෙලා ඉන්න කූ ගැනවත් හිතන්න " නම්ජුන් කීවේ තරහින් වගේම කලකිරීමෙන්. " ඔයාලා හැමෝම එකමුතු වෙන්න ඔ්නි. නැතුව මේක අපිට දිනන්න බෑ. ඔක්කොටම කලින් තමන්ට ආදරේ කරන්න පුරුදු වෙන්න. ඔයාලා කවුද? කොහෙන්ද ආවේ? ඔයාලා මොන ජීවියෝද? මොන වංශෙද කියන එක අදාල නෑ. තමන්ට ආදරේ කරන්න. තමන්ව විශවාස කරන්න. එතකොට අනික් අයගේ විශවාසය නිකන්ම ගොඩනැගෙනවා. එතකොට අපිව ශක්තිමත් වෙනවා"

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now