Chapter 13 - My Time

520 129 37
                                    

" අනේ හියොන්ග්ලා ඇවිල්ලා. " පිටිපස්සෙන් ඇහුණේ ජන්කුක්ගේ හුරතල් කටහඩ " නූනා එහෙනම් මෙයාලට සලකලා ඉමුකෝ " 

" අනේ ජන්කුකී යන්‍තම් ඔයා ඉන්නවා " ටේ කීවේ සෑහීමට පත්ව.

" මම හිතුවෙ ඔයාලා කලින් එයි කියලා. කෝ ඔයාලා පරක්-" ජන්කුක් එක තැන ගල් ගැහුණා.
" යු- යු- යුන්ගි හියොන්ග්. ඔයා කොහොමද? අනේ ඔයා ඉන්නව නේද? "

" ඔව් කුකී. මම ඉන්නවා. අනික මම කොහොමද ඔයාව දාලා යන්නේ? " යුන්ගි කීවේ තරහ අමතක කරලා අවංකව හිනාවෙන ගමන්.

" අනේ මගෙ හියොන්ග්." ජන්කුක්ගේ අහිංසක ඇස්වලට ආපහු කඳුළු ආවේ යුන්ගි හියොන්ග් දැකපු සතුට වැඩිකමට. එයා එහෙමම දුවලා ගිහින් යුන්ගිව වැළඳ ගත්තා. " අනේ හියොන්ග් ආයේ එහෙම කරන්න එපා. මම ගොඩාක් බයෙන් හිටියේ. මම ගොඩක් ඇඬුවා." ජන්කුක් කීවේ අඬ අඬමයි.

" හරි හරි පොඩ්ඩෝ. මම දැන් ඉන්නවනේ. අපි දැන් යමුකො ආපහු. " යුන්ගි ඉදගෙනම ජන්කුක් ගෙ ඔළුව අතගෑවේ යදම් යෝදා තිබුණු අත් වලින්. ජන්කුක් ගෙ අහිංසක සතුට දැක්කම කණ්ඩායමටම එයාලා මුහුණපාලා ඉන්න අනතුර ටිකකට අමතක වුණා.

" පොඩ්ඩක් ඉන්න. ඇයි මේ හියොන්ග්ලාට දම්වැල් දාලා තියෙන්නේ. අනික ජිනී හියොන්ග් ඔළුව වහගෙන ඉන්නෙ ඇයි? "

" බයවෙන්න එපා කුකී. ඒක පොඩී වැරදීමක්. ජැක්සන් හියොන්ග් හිතලා තියෙන්නෙ ඒ නපුරු අය කියලා. " සිංහාසනය උඩ සිටි තැනැත්තිය ජන්කුක් ට ආමන්ත්‍රණය කළේ ආදරණීය හඬකින්. හැමෝගෙම අවධානය ඇයවෙත් යොමුවෙද්දි ඇය සැරසී සිටියේ වෙනස් ඇදුමකින්. ඇගෙන් දිස්වුණේ සාමකාමී පෙනුමක්.

 ඇගෙන් දිස්වුණේ සාමකාමී පෙනුමක්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

" ආහ් ඒකනේ. එහෙනම් නූනා එයාලව ලෙහන්නකෝ. මහන්සි ඇති හොදටම " ජන්කුක් කීවේ නූනගෙ අත අල්ලගෙන හිනාවෙන ගමන්.

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Opowieści tętniące życiem. Odkryj je teraz