Chapter 18

442 114 14
                                    

ජ- ජන්කුක් කොහොමද? " ජිමින් පුදුම වෙලා හිටපු විදිහට වචන ගළපගන්නත් බැරි වුණා. ඔහු ඒ තරම් පුදුම වෙලා හිටියේ.

" මට පේන දේ එ- එයාට ඒ තියෙන්න‌ේ ඔ- ඔළු දෙකක් නේද? " ටේගේ වචනත් වෙව්ලනවා. ඔහු තමාවම කොනිත්තගත්තේ මේක ඇත්තක්ද කියලා බලාගන්න.

" මොකක්ද ඒ ජන්කුක්ට වෙලා තියෙන්නෙ දෙයියනේ? ඔළු දෙකක්. "

" ඒත් මේක වෙන්නෙ කොහොමද? පෞරුෂ දෙකක් එකට තියෙන්නෙ කොහොමද? හොඳට බලන්න. එක ඔළුවක් ජලයෙන් නේද හැදිලා තියෙන්නේ. බලන්න අනික ගිනි පිට කරනවා. ඔළුවෙන් දුම් දානවා නේද? " ජන්කුක් හයියෙන් ගොරවද්දී එක ඔළුවකින් දුම් දාන්නත් අනික් ඔළුවෙන් අයිස් වාශ්ප පිටවෙන්නත් පටන් ගත්තා. හැමෝම බයවෙලා හිටියේ.

( මේ ව‌ගේ කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ ව‌ගේ කෙනෙක්. හැබැයි මීට වඩා ගොඩක් ලස්සනයි )

" මේක හරිම දුර්ලභ දෙයක්. මේ බලය පිහිටන්නේ අවුරුදු දහස්ගාණකට එක සැරයක්. මම මේ ගැන අධ්‍යනය කරලා තියේ. හැම මිත්‍යාවක්ම කොහොම හරි ඇත්තක් වෙනවනේ. ඒත් මේ තුහින දාහක මකරු ඒ කියන්නේ Frost burnerස්ලා ජලයට වගේ ම අග්නියටත් අධීපත් වෙනවා. මෙයාලා තනිකරම මිත්‍යාවක් " නම්ජුන් පැහැදිලි කරද්දී ජන්කුක් ආයෙ ගෙරෙව්වා.

" මෙච්චර කාලෙකට මිත්‍යාවක් විතරයි කූ. ඒත් ඒක ඇත්තක්. මැරෙන්න කලින් ඒක දකින්න ලැබුණු එක ගැන සතුටුයි. " නම්ජුන් කතා කළේ සතුටින්. " හැමෝම කියන්නෙ මට තියෙන්නෙ මකර ඇස් කියලා. ඒත් නියම මකරා මගෙ චූටි මල්ලිනේ "
එහෙම කියද්දී ජන්කුක් ආපහු මනුෂ්‍ය ස්වභාවයට පත් වුණා.

" ඒක හියොන්ග්ගෙ වාසනාව. මම වගේ මල්ලියෙක් ලැබුණු එක " ජන්කුක් කතා කළේ ආඩම්බරෙන්.

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now