Chapter 3 - ( No More ) Dream

695 159 132
                                    

Calypso view

" කුකී!!!! ඔයා කොහෙද ඉන්නේ? මෙහෙ එන්න " කැලිප්සෝ කෑගැහුවේ දූපතටම ඇහෙන්න.
" මේ කොල්ලා නිසා මට වෙලාවක පපුවෙ අමාරුවත් හැදෙනවා. අද මම ඔය හා දත් දෙක ගලෝනවා. සෙල්ලම් කරනවා වැඩී දැන් හොදටම " කැලිප්සෝ කියාගත්තේ තමන්ටමයි.

" කුකී !!! ජන්කුක් මෙහෙ එනවා " ඒක කියනවත් එක්කම කැලිප්සෝ ව සම්පූර්ණයෙන්ම නෑවුණා. වැස්සක් පේනතෙක් මානෙකවත් නෑ. කැලිප්සෝ වුණේ මොකක්ද කියලා තේරුණේ තමන් ඉස්සරහට වෙලා හිනා වෙවී ඉන්න ජන්කුක් ව දැකලා. එයාව දැකලා කැලිප්සෝ ට සැනසීමක් දැණුනත් මවාගත් තරහකින් කෑ ගැහුවේ ජන්කුක්ගෙ කනකුත් මිරිකන ගමන්.

" ජියෝන් ජන්කුක් , මොනවද ඔයා මේ කරන්නේ? මගෙ වැඩ පැත්තක තියලා ඔයා ගැන හොයන්නයි මට දැන් වෙලා තියෙන්නේ "

" ආව් නූනා කන අතාරින්නකෝ. ඒවට මගෙ අසරණ කන පලි නෑනේ. " ජන්කුක් කෑගැහුවෙ දෙකට තුනට නැවෙන ගමන්.

" ආයෙ මේ වගේ වැඩ කරල මම නරකයි නම් කියන්න එපා. " කැලිප්සෝ බනිද්දී ජන්කුක් මූණ ඇඹුල් කරගෙනම කැලිප්සෝ ගෙ ඇගේ තිබුණු වතුර ටික අයින් කළා. ඒත් කැලිප්සෝ කන නම් අතෑරියේ නෑ.

" මේ කැලිප්සෝ නේද? "
ඔවුන් දෙදෙනාට පිටුපසින් අළුත් කටහඩක් ඇහෙද්දී කැලිප්සෝ හැරිලා බැලුවේ පුදුමයෙන්. ඒ දෙවි කෙනෙක් නම් නෙවේ. ඒත් කැලිප්සෝ ව දන්නේ කොහොමද ? ඒ අවසරයෙන් ජන්කුක් බේරිල ගිහින් අමුත්තා පිටිපස්සෙ හැංගුණා.

" අනේ ඔයා කවුරු වුණත් කමක් නෑ. මාව බේර ගන්න. මෙයා මගෙ කන ගලවන්න හදන්නේ " ජන්කුක් කීවේ අමුත්තගෙ උරහිසට උඩින් එබී බලන ගමන්

" කුකී බොරුවට කෑ ගහන්න එපා. අමුත්තො ඉස්සරහ ඔහොම හැසිරෙන එක වැරදී." කැලිප්සෝ සැර වුණා. " එතකොට ඔයා කවුද? කොහොමද මෙහෙට ආවේ? "

" මම කිම් නම්ජුන්. ඩයනයිසියගේ පුතෙක්. රෝමානු කදවුරේ ප්‍රීටර් "

ඒ කියන්නෙ වීරයෙක් නේද? කැලිප්සෝ බය වුණේ ආපහු එයාගෙ දඩුවම පටන් අරගෙනද කියලා

*******************

" එතකොට ඔයයි මහා ගවේෂණය මෙහෙයවන්නේ. ඇවිලොන් විලට යන ගමන් ඉන්නේ. එතකොට ඇයි මෙහෙට ආවේ? "
නම්ජුන් කතාව කීවට පස්සෙ කැලිප්සෝ ඇහුවෙ තරහින්. කැලිප්සෝ ට තරහ යන්න හේතුව නම් මේ වනවිට කැලිප්සෝ ගේ පෝසිලේන් පිගන් දෙකකුයි කෝප්ප හතරකුයි නම්ජුන් අතින් පාතාලයට ගොස් තිබීමයි 🤣🤣.
ජන්කුක් හිනාව කාගෙන හිටියෙ බොහොම අමාරුවෙන්

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now