Chapter 14 - Euphoria

566 130 53
                                    

" කො- කොහොමද එහෙම වෙන්නෙ? ඔයාට පෞරුෂ දෙකක් තියෙන්නෙ කොහොමද? " මෙවර බය වුණේ Grim Ripper.මෙවර පෙනී සිටියේ අහිංසක ජන්කුක් නෙවේ. මොහු ඊට හාත්පසින්ම වෙනස්.

" මමයි ජලයේ මෙන්ම අග්නියෙත් පාලකයා. මමයි අවසන් අග්නි මකර ආත්මය. මගෙ හියොන්ග්ලට අත තියපු තමුසෙට දැන් මොකද වෙන්නෙ කියලා බලමු." ජන්කුක් තරහින් කෑ ගහද්දි ඔහු ව රන් පාටින් දිලිසෙන්න පටන් ගත්තා. මෙවර ඔහු හිටියෙ හිතාගන්න බැරි තරම් ශක්තිමත්වයි. ඔහුගේ මකර ආත්මය හතර වටේටම ගිනි අවුලවද්දී ඔහු කෙලින්ම පහර දුන්නේ Grim ripper ට. ඔහුගේ අතේ තිබුණු රන්වන් අසිපත කොහෙන්ද ආවේ කියලා ඔහුවත් දැනගෙන හිටියේ නෑ.

" කුකී, ඔයා ඔයාගෙ නූනට රිද්දනවා. " ඇය උත්සාහ කළේ මෙවරත් ජන්කුක් ව රවට්ටන්න. ඒත් මේ සැරේ ඔහු රැවටුණේ නෑ.

" හහ්! ඔයා මාත් එක්ක සෙල්ලම් කරන්නද හදන්නේ? දැන්වත් තමුසෙගෙ ඇත්ත ස්වරූපෙට් එනවා. ආයෙ මාව රව්ට්ටන්න ඔහේට බෑ " ජන්කුක් ගෙ හදිසි පරිවර්තනය නිසා ඔහුගේ පෙනුම පමණක් නොව කතා විලාසය පවා වෙනස් වෙලා තිබුණා. අනික් අය කෙසේවෙතත් Grim Ripper පවා හොදටම පුදුම වෙලා හිටියේ.

( Evil Bunny 😈 )

" ඒත් කුකී, ඒත් ඔයා කොහොමද මේ වගේ වුණේ? ඔයා කොහොමද අග්නි මකරෙක් වුණේ? "

" තමුසෙට ඒක තේරෙන්නම නැද්ද? දැන් ඉන්නෙ කලින් හිටපු කෙනා නෙවේ. මම ජන්කුක්. මම හියොන්ග්ලගෙ කුකී තමයි හැමදාටමත්. ඒත් තමුසෙගෙ මාරයා. මාව මේ තත්ත්වෙට පත් කළේ තමුසේ. තමුන් මගෙ හියොන්ග්ලට අත තියන්න තරම් නිර්භීත වුණා. දැන් ඒකට විදවන්න ලෑස්ති වෙනවා. " එසැණින් ජන්කුක් තමන්ගේ අතේ මහපට ඇඟිල්ල Grim Ripper ගෙ නළලට තියලා තද කළා. Grim ripper ගේ වේදනාවත් සමගම ජන්කුක්ගේ මකර අග්නිය ඔහුගෙ ශරීරය පුරා පැතිරුණා. අනික් හැමෝම බලාගෙන හිටියෙ පුදුමයෙන්. ඔවුන්ට විශ්වාස කරන්න බැරි වුණා මේ එයාලගෙ අහිංසක කූම ද කියලා. ඒත් ඔවුන් එක දෙයක් දැනගෙන හිටියා. ජන්කුක් තමන්ගේ හියොන්ග්ල වෙනුවෙන් ඕනි ම දෙයක් කරන්න ලෑස්තී කියන එක.

Grim ripper ගේ අවසාන කෑ ගැසීම ගුවනට එක්වුණේ ඔහුව අළු ගොඩක් බවට පත් කරමින්.තප්පරයක් වත් පරක්කු වුණේ නැති ජිමින් ජන්කුක් දෙන්නම ටේ ගාවට දුවගෙන ගියේ පිස්සුවෙන් වගේ. ජිමින් අඬ අඬම ටේව එයාගෙ උකුලෙන් තියා ගත්තා.

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Waar verhalen tot leven komen. Ontdek het nu