Chapter 16

506 122 26
                                    

" හා හා මේ රණ්ඩු වුණා ඇති. අපි යමු දැන්. කාලෙ නාස්ති කරන්න බෑ "

" ආහ් ජුනී හියොන්ග්, ඔයාගෙ අග ගෙනාවා නේද? අපිට සාගතේ මැරෙන්න වෙයි නැත්තම්."

" මොනවා නැතත් ඒක තියෙනවා මං ළග. ඒක මම මගේ බෑග් එකේමයි තියාගෙන ඉන්නේ. කොහෙද ඉතිම් මැරෙන්න වැටිලා හිටියත් ඔයාලට කන්නනේ ඔ්නි. "

"හම්නේ හියොන්ගේ  කතාව සහතික ඇත්ත. මතක් වුණ එකේ කාලම යමු. අර නූනා ගෑනි කන්නවත් දුන්නේ නෑනේ. " ජන්කුක් කීවේ රවන ගමන්. පරිවර්තනයෙන් පස්සේ කූගෙ ගති පැවතුම්, කතා විලාසය පවා වෙනස් වෙලයි තිබුණේ.

" මේ කුකී. ඔයා අර ස්වර්ණ බාලයද කවුද වුණු වෙලාවෙ ඉදන් හැසිරෙන විදිහ හරිම වෙනස්නේ. ඇත්තමයි අර වෙලාවෙ මම බය වුනා ඇත්තටම. ඒ වෙලාවේ ඔයාගේ ඇස් දෙක බලන්න තිබුණේ. "

" ටේගෙ කතාව සහතික ඇත්ත. ඒ වෙලාවෙ තිබුනේ කුකීගේ හිනාවෙන අහිංසක ඇස් නම් නෙවේ. ඇත්තටම කූ ඔයාට ඒ වෙලාවේ මොකද වුණෙ? " ඒ වෙලාවේ කුකී ආපහු පුරුදු විදිහටම ලස්සනට හිනා වුනේ මේ ඉන්නේ හියොන්ග්ලගෙ කුකීම තමයි කියලා ඔප්පු කරන්න වගේ

" ඒක නම් මට හිතා ගන්නත් බෑ. එයාලා ඔයාලාට කරදර කරද්දී මට ඒක දරා ගන්න අමාරුයි. ඒත් එක්කම කඩුව ඉස්සරහට පොඩි හියොන්ග් පැන්නම මට මාව පාලනය නැතුව ගියා. "

" ස්වර්ණමය බාලයා, එහෙම නැත්තම් Golden Maknae. කොල්ලා මරු හැබැයි. " 

" අනේ එහෙම නෑ හියොන්ග්. ඔයාලා වුණත් මම වෙනුවෙන් ඒක කරනවා කියන්න මම දන්නවනේ. " ජන්කුක් කීවේ දත් ඔක්කෝම පෙන්නලා හිනාවෙන ගමන්.

" හරි හරි ඒක දැන් ඉවරයි නේ. කෑම කාලා යමු නේද? යුන්ගිට ටේව ගොඩක් වෙලා තියා‌ගෙන ඉන්න බැරිවෙයි. " ජින් කියද්දී යුන්ගි ගෙරෙව්වා.

" හරි හරි මම ඔයා දුර්වලයි කීවෙ නෑනේ යුන්ගියෝ. කෑ ගහන්න එපා ඔහොම "

******************************

" අනේ තව ගොඩක් දුරයිද අප්පා. තවත් නම් යන්න බෑ අනේ. " ජන්කුක් හිටියේ කෙදිරි ගගා. මොවුන් දැනට පැය 4ක් තිස්සේ ඇවිදින එකයි කරේ.

" අනේ මේ කුක්කෝ, කකුල්කඩිත්තුව හැදිලා ව‌ගේ කෑ ගහන්නේ නැතුව ඉන්නවකෝ. ඒකට මොකද මහලොකු Golden Maknae "

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now