Chapter 10 - Telepathy

568 135 60
                                    

" අහුවියව්කෝ යුන්ගියව, මොන පඹ ගාලකට අපි මේ වැටුණේ? හොබී අයින් වෙනවකෝ ඔතනින්. මටයි දැන් කොන්දක් දැන්න ‌වෙන්නේ "

"පොඩ්ඩක් ඉන්නවකෝ හියොන්ග් ඔයාගේ ඔය ටකරම වහගෙන. මම හිතලා වැටුනෙ නෑනේ " හොබී කීවේ නැගිටින ගමන්. 

" පොඩ්ඩක් කටවල් වහගෙන හිටපියව්කෝ. අපි 3 දෙනා විතරයි ඉන්නේ. අනික් අය කොහෙද දන්නේ- හච්චෝංං ංං ංං ංං ංං!!!!!!!!!!!!!! " නම්ජුන්ට කතාව නතර කරන්න වුණේ ගියපු කිඹුුුුහුම නිසා " විකාර කර කර ඉන්න නෙවේ. අපි අනික් අයව හොයා ගන්න ඔ්නි." 

" හරි දැන් කොහෙටද යන්නේ අපි? " හොබී ඇහුවේ නම්ජුන්ගෙන්

" ඒක නම් හිතාගන්න අමාරුයි. මම මේ පිරමීඩ ගැන වැඩිය දන්නේ නෑ. අපි ඉස්සරයට යමු. ඒත් මේ බිත්ති තියෙන සිතුවම් දැක්කම හිතන්න පුළුවන් අපි ඉන්නේ සොහොනක කියලා "

" ජුනී ඔය කියනවිදිහට මමී ලත් ඉන්නව ඇති නේද? "

" මම හිතන්නේ ඒවා නම් මිත්යා කතා කියලා " පිළිිිිිතුරු දුන්නේ ජින්.

"එහෙම බැලුවොත් අපි හැමෝම සැබෑ ලෝකෙට මිතයාවක් තමයි" 

" ඒකෙන් කමක් නෑ. අපි යමු දැන් මෙතනින්." හොබී කීවේ ඉස්සර වෙන ගමන්. " අපි කොහොමහරි අනික් අයව හොයාගන්න ඔ්නි. මෙහෙ පාරවල් හරියට දන්නේ යුන්ගි විතරයි අනික" විනාඩි 30කට විතර පස්සේ හොබී කීවේ බැරිම තැන

" පොඩ්ඩක් ඉන්න. ජින්, හරියට බැලුවොත් ඔයත් ආදරේ දෙවි කෙනෙක් නේද? මම කියන්නේ සුළු දෙවි කෙනෙක් නේ "

"ම්ම්ම්ම්ම්ම් ඔව්. අනික මට හැම බලයක්ම තියෙනවා. ඇයි එක පාරටම එහෙම ඇහුවේ? "

" යකෝ කලින් කියන්න එපෑයැ. ඇත්තමයි මට එන තරහක්..........." 

" ඔයා කලින් ඇහුව නම් මම කියනවා "

" බුදු අම්මෝ!!!! වැලි පොළගෙක්!!!!!!!!!!!!!! " එක පාරටම කෑ ගහපු හොබී ඇවිත් පැන්නේ නම්ජුන්ගේ කරට 

" බහිනවා යකෝ බිමට. තව ටිකක් මේක ඇතුළේ හිටියොත් යෂ්ටිය කෙසේවෙත් මට පිස්සු හැදෙනවා. " නම්ජුන් කෑ ගැහුවේ තරහින් " ඔය දේව බල තියාගෙන බත් තම්බ තම්බ ඉන්නේ නැතුව හිතින් අනික් අයව සම්බන්ධ කර ගන්න බලනවකෝ. ශිිික් !! අන්තිමේට දෙවි කෙනෙක්ටත් උගන්නන්න වුණානේ "

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now