END - Part 02

546 113 52
                                    

" හත්තික්කේ මේ ගල් කණු. ඒවා කවුද දන්නේ නෑ මෙතන හයිකරේ " ජන්කුක් කීවේ වටේටම කැරකෙන ගමන් "

" ඒවා අදටත් අභිරහසක් කූ. ඒත් එක දෙයක් තියෙනවා. මෙතනින් හැම මානයකටම දොරවල් විවෘත කරන්න පුළුවන්.  " 

" එතකොට ජුනී හියොන්ග්. සාතන් ඉන්නෙත් ඒ මානෙමද? ආත්මය හිර කරා කියන්නේ සාතන්ගෙ බලයෙන් නේද? "

" එහෙම තමයි කියන්නේ ටේ. ඒත් මේ දෙන්නම ඉන්නේ එක මානෙක වෙන්න පුළුවන්. ආත්මය ඉන්නේ වෙනත් විශ්වයකනේ. ඒ විශ්වයේ මායාව කියන එක සාතන් විනාශ කරා. ආමියානා එහෙට ගියේ ඒ විශ්වය සාතන්ගෙන් බේරගන්න. ඒත් ආමියානා එහෙ හිර වුණා . "

" ඔයා ඔය කියන්නේ අපි මේ හැමදේම කරන්නේ ඒ විශ්වයේ ඉන්න මායා බල නැති කට්ටියව බේර ගන්න කියලද? ආමියානාවත් ? "

" ඔයා හරියටම හරි ජිමිනි. ආමියාන‌ෙ ඉන්නේ ඒ විශ්වයේ තරු අතර. එයාට කිසිම කෙනෙක් එක්ක සන්නිවේදනය කරන්න බෑ. ඒ නිසා කාටවත් බෑ එයාට උදව් කරන්න. ඒත් අපිට පුළුවන් එයාව බේරගන්න. ඒ අපි හත්දෙනාට විතරමයි. අනාවැකියේ එක තේරුමක් තමයි ඒක. "

" අපිට පැවරිලා තියෙන්නේ සුළුපටු වගකීමක් නෙවේනෙ බලාගෙන යද්දි "

" ඔව් කූ. විශ්වයක් ආරක්ෂා කරන ඒ ආත්මයවයි අපි නිදහස් කරන්න යන්නේ. මේක තමයි යුගයේ ශ්රේෂ්ඨතම ගවේෂණය "

" හරි එහෙනම්. කොහොමද අපි දොරටුව විවෘත කරන්නේ ? "

" හැමෝම අත් අල්ලගන්න වටේට. සිතියම අපිට පෙන්නයි ඒක " ටේ කියද්දි හැමෝම අත් අල්ලගත්තා. " විශ්වයේ ආත්මයාණෙනි, අප හත්දෙනාගේ සිතියම පිළියෙල කර අවසානයි. අපට දොරටුව විවෘත කරන ආකාරය පෙන්වන්න " 

ඒත් ඒක්කම හත්දෙනාගේ සළකුණු වලින් ආලෝක දහරා විහිදෙමින් ගුවනේදි එකතු වුණා. මුලින්ම දිස්වූයේ අමුතු ආකාරයේ වෘත කිහිපයතක්. ඒවා ගල් වගේ හරියට. ඒවායේ නොදන්නා සංකේත සටහන්ව තිබුණා. ඒ ඔක්කොම හතක් තිබුණා.

 ඒ ඔක්කොම හතක් තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now