Chpater 4 - You never walk alone

676 160 156
                                    

" ඒපාර මොකාද? " යුන්ගි කෑගැහුවේ කඩුවක් අමෝරාගෙන. ඒත් හෝසෙක්, ජින් හා නම්ජුන් දණ ගැහුවේ එකටමයි. ඒත් එක්කම නම්ජුන් ජන්කුක්වත්, ජින් ටේමින් දෙන්නවත්, හෝසෙක් යුන්ගිවත් දණ ගැස්සුවා.

" සැරදේවා උතුමාණෙනී ! " හෝසෙක් නම්ජුන් සහ ජින් රාවය කළේ එකටමයි.

" අයියෝ නැගිටින්න. මට ඔහොම ආචාර කරන්න ඕනි නෑ. " එතන සිටියේ ලොකු බඩක් තියෙන මැදි වියේ කෙනෙකුයි, නව යොවුන් වියේ පසුවූ තරුණයෙකුයි. දෙදෙනාම සැරසී සිටියේ ග්‍රීක ඇදුම් ආයිත්තම් වලින්. නමුත් තරුණයා ලෝරල් ඔටුන්නකින් සහ සූර්ය ලකුණ සහිත මාලයකින් සැරසිලයි හිටියේ. ඔහුව රන්පාටින් දිලිසෙනවා. ඔහුගේ උරහිසේ එල්ලා තිබුණේ වීණාවක්.

" මොනව වුණත් ඇපලෝ, මගෙ මිත්‍රයාට උතුමාණෙනී කීවට පාඩු වෙන්නෙ නෑනේ "
ජින් කීවේ හිනාවෙන ගමන්. ඇපලෝ සූර්ය කිරණ සේ දීප්තිමත් ව සිනාසුණත් ජින්ව වැළද නොගැනීමට තරම් ප්‍රවේශම් වුණා. අමරණීයන්ට ජින්ව දැකිය හැකි වුණාට ඔහුව ස්පර්ශ කිරීම මාරාන්තිකයි.

" හොබී වගේම ජින්, මට සතුටුයි මගේ මිත්‍රයන් දෙදෙනාම එකට මුණ ගැසීමට ලැබුණු එක ගැන " ඇපලෝ කීවේ සිනාමුසුව.

" ඒ කියන්නේ ඇපලෝ ඔයා මෙයාව කලින් දන්නවද? " හෝසෙක් විමසුවේ පුදුමයෙන්.

" ආදරයේ දෙවියන් ව මම අදුරන්නෙ නැතුව කොහොමද හොබී?" නම්ජුන් හෝසෙක් දෙන්නම හීල්ලුවේ එක පාර

" මෙයා මෙච්චර සුන්දර එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ එහෙනම්. ඒ කියන්නේ මේ ඉන්නේ ඊරෝස්ද? මම කීවේ මල්සරා? ඒත් ඔයා තනාටොස් වගේ නෙවේනේ. මම අහල තිබ්බෙ ඊරෝස් කියන්නේ තනාටෝස්ගේ light version කියලනේ " නම්ජුන් හිටියේ හොදටම පැටලිලා.

" මොනවද ඔයාලා කියවන්නේ? මොන මල්සරෙක්ද? ඔය පැපොලද මොකාද කියන කෙනා මුලින් ඒක පැහැදිලි කරලා හිටියනම් " යුන්ගි කෑ ගැහුවේ පුපුරන ගමන්

" හෝසෙක් ඔබේ මිත්‍රයා මගේ පියාණන්ගේ පරපුරේ නෙවේ කියලා විශ්වාසද? රැවුල ගිනි ගත්තා වගේනේ කෑගහන්නේ "

" නෑ නෑ. එයාගේ නැට්ටට ගිනි ඇවිලිලා තියෙන්නේ " හෝසෙක් කීවේ හිනාවෙන ගමන්. ජිමින්ගෙ හිනාව එලියට පැන්නත් යුන්ගිගෙ බැලම දැකලා එයා කට වහ ගත්තා.

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now