Chapter 19

449 123 6
                                    

" අපි ගොඩබාන්නයි යන්නේ. දිය ඇල්ල ඇතුළට යමු. එතනින් එහාපැත්තේ තමයි දොරටුව තියෙන්නේ "

" අනේ හැමදාමත් වගේ මට යාළුවගෙ ගෙදර යන්න වෙලා තියෙන්නෙ නාගෙනද? " ජිමින් කෙඳිරි ගෑවා.

" ඔයා මොනවද කියන්නේ ජිමින්"

" මේකයි යුන්ගි හියොන්ග්. හැමදාම ඔය දිය ඇල්ල ඇතුළෙන් නෙ යන්නෙ අපි දෙන්නා. ඉතින් දිය ඇල්ලෙ වතුර වලට අනිවාරෙන් තෙමෙනවා."

" අයියෝ මේ. මේ සීතලේ නාන්න නම් මට බෑ " යුන්ගි කීවෙ තරහින්.

" අනේ ඒ ගැන වදවෙන්න එපා යුන්ගි හියොන්ග්. කූ ඒ ගැන බලාගනී. එහෙම නේද කූ? " ටේ මකරගෙ ගෙලට අත තියලා අහද්දී ජන්කුක් සීතල වාශ්ප දාරාවක් නිකුත් කළේ එය අනුමත කරන ආකාරයටයි.

ඔවුන් දිය ඇල්ල අසලට සමීප වන විට දිය ඇල්ලෙන් වැටෙන ජලය දොරටුවක් ආකාරයෙන් දෙපසට විවෘත වුණා. එය සිදු වූයේ ජන්කුක්ගේ ජල පාලන හැකියාවෙන්.

" වාහ් පොඩි එකා නරකම නෑ. " යුන්ගි කෑ ගැහුවේ සතුටින්. ඒත් ඒ සතුට පුදුමයකට හැරෙන්න වැඩි වෙලාවක් ගත වුණේ නෑ. " දෙවියනේ මේ මොකක්ද ඇත්තටම? "

දිය ඇල්ලට ඔබ්බෙන් පිහිටා තිබුණේ වෙනම ලෝකයක්. ගව් ගාණක් ඈතට විහිදුණු අල‍ංකාර රාජධානියක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුරදූත ලෝකයක්.

" සුරදූත දිවයින. වෙන විදිහකට කීවොත් මගෙ ගෙදර " ටේහියුන්ග් එය උච්චාරණය කළේ කලකිරීමකින් යුතුව. " ජන්කුක් අපි දැන් පහළට යන්න ඕනි " ටේ වහා පැවසුවා.  මන්දයත් ඔහුගේ අසනීපය පිළිබඳව අනික් අයට දැනගැනීමට ඉඩ දිය නොහැකියි.

පහළට බැසූ මකරා නැවතත් ජන්කුක් බවට පරිවර්තනය වුණා.

" හරි එහෙනම් යමු. " ටේටත් කලින් ඉස්සර වුණේ ජිමින්. ඒත් වැඩේ දුරදිග යන්න කලින් ටේ ජන්කුක්ට සංඥා කළා. සංඥාව තේරුම් ගත් ජන්කුක් එක සැරේටම බිම ඉඳ ගත්තේ බඩත් අල්ලගෙන.

" ඕහ් දෙයියනේ මගෙ බඩ රිදෙනවා. " ජන්කුක් කෑ ගැහුවේ අනික් පිරිසව බය කරන ගමන්. නම්ජින් දෙදෙනාම වහා ගියෙ ජන්කුක් අසලට

" ඇයි ඇයි කූ? මොකක්ද ප්‍රශ්නේ ? "

" අනේ ජුනී හියොන්ග්. මගෙ බඩ රිදෙනවා. මට හිතෙන්නේ පියාඹපු නිසා වෙන්න ඇති. "

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now