Chapter 15

506 128 17
                                    

ටේ බය වුණු පාර බිම ඉන්ද වුණා.

" ඇයි හියොන්ග් මේ? ඇයි මේ ඔයා බයවෙලා? " ජන්කුක් ඇහුවේ ටේ ළගට යන ගමන්

ටේ කතා කළේ වෙව්ලන ගමන්. මොකද ඔහු මේ දැන් තේරුම් ගත්තා ඔහුට කුකීගේ පොර‌ොන්දුව ඉෂ්ට කරන්න වෙන්නේ නෑ කියලා. ඔහුට ගවේෂණට අවසන් කරන්න වෙන්නේ නෑ කියලා.

" ඒ ඒන්ජල් ඇල්ල. මගේ ගෙදර. "

" වාහ් ඒකනම් මරුනේ. ටේගේ ගෙදර. ඒ කියන්නේ සුරදූත ලෝකේ මම යන්න ආසාවෙන් හිටියේ. "

" ඒක මරු නෑ හොබී හියුන්ග්. මෙතන ප්‍රශ්නයක් තියෙනවා." ජිමින් කතා කළේ ටේ වෙනුවෙන්.

" ඒ සැරේ මොකක්ද? සතුටු වෙන්න හැදුවා විතරයි. "

" පොඩ්ඩක් ඉන්න ජිනි හියොන්ග්. අපි ඔක්කොටම කලින් නැවට යමු. ගිහින් කතා කරමු. නිකරුණේ කාලේ ගත කරන එකෙන් අපිටමයි ප්‍රශ්නයක් වෙන්නෙ."

" ජුනීගේ කතාව ඇත්ත. මට මෙතන අමුත්තක් දැනෙනවා. හරියට මට මැරෙන්න කතා කරනවා වගේ. "

" අනේ මේ යුන්ගි හියොන්ග්. මැරෙන කතා නම් කියන්න එපා. ඔයාලා කරන්නෙම ඇස් රතුවෙන විහිළු."

" මේ මේ ආයෙ රණ්ඩු වෙන්න නෙවේ. යමු එළියට. අනික යුන්ගිට අමතක වෙලාද එයා ෆීනික්ස් කෙනෙක් කියන එක. ෆීනික්ස් ලා අන්තිම කාලේ ගත කරන්නේ මෙහෙ. "

" මට මතකයි ඒකයි කීවේ " යුන්ගි කීවේ ආපහු සැරයක් බුම්මගෙන.

" ආයෙ පටන් ගත්තා නේද? පොඩ්ඩක් ඉන්නවකෝ සද්ධ නැතුව. රණ්ඩු කෙකි හැමෝම. " ජිනි කීවේ රවන ගමන් " කුකී ටේව අල්ලගන්න. එයාට තව අමාරු ඇති. යමු අපි එළියට "

**********************

" දෙවියනේ කෝ නැව? නැවට මොකද වුණේ? " නම්ජුන් කතා කළේ පුදුමයෙන්. ජැක්සන් ඔවුන්ව පැහැර ගනිද්දී , අහසේ නැංගුරම් ලා තිබූ නැව නම් පේන්න තිබුණේ නෑ.

" මට නම් හිතෙන්නෙම එක දෙයයි. එයාලා නැව හොරකම් කරලා. " යුන්ගි කතා කළේ හොදටම තරහ ගිහින්.

" අපි දැන් මොකද කරන්නේ? වූෂික් කියපු විදිහට අපිට තව වැඩි වෙලාවක් නෑ. අපි කොහොමද එතකොට ආපහු නැව හොයන්න කාලේ නාස්ති කරන්නේ? "

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Место, где живут истории. Откройте их для себя