Chapter 12 - Friends

507 120 64
                                    

" ඉදපම් අද මම මුට " කෑ ගැහපු ජින් ගිහින් ගල උඩ හිටපු එකාට පයින් එකක් ගහපු පාර ඒ කෙනා බිමට පෙරළුණා. " නැගිටපම්. තමුසේ මොනවා කරනවා කියලද හිතාගෙන ඉන්නේ? අද තමුසෙ ඉවරයි මින් යුන්ගි!!!!!!!!!" 

" මොකාද යකෝ මේ කෑගහන්නේ? පාඩුවෙ නිදා ගන්නත් නෑ මෙතන " යුන්ගි කීවේ ඔළුවත් කහ කහ නැගිටින ගමන්.  " ආහ් ඔයාලා ආවද? මම හිතුවේ තව පරක්කු වෙයි කියලා. " ඒත් එක්කම හොබී අතමිට මොලවලා යුන්ගිට හොද පාරක් දුන්නා. 

" තමුසේ මොනවද යකෝ මේ කරන්නේ? තමුන් දන්නවද මම මේ දවස් ටිකේ කොච්චර අමාරුවෙන්ද හිටියේ කියලා? " අන්තිම වචන ටික කියද්දි හොබීගේ ඇස් වලින් කදුළු ආවා.

" ඉන්නනො හොබී, මමනේ මෙයාට ඉන්න එකම හියොන්ග්. මම ම කතා කරන්නම්. " එහෙම කියපු ජින් හැරුණේ යුන්ගි දිහාට " තමුසේ!! තමුසේ මොලයක් කියලා සංසාරයක් නැති බූරුවා. තමුන් මොනවා කරනවා කියලද හිතාගෙන ඉන්නේ? තමුසේ මැරුණා තියලා අපි කොච්චර දුකෙන්ද හිටියේ කියලා දන්නවද උලමෝ? ජන්කුක් සැරින් සැරේ අඩනවා.  හොබීයා බලා ගත්තු අත බලාගෙන. ඔක්කොටම වැඩිය දුකින් හිටියේ ජිමින්. ඒ අහිංසකයා ඔයාගේ මරණෙට හේතුව එයා කියලා හිතාගෙන ඉන්නේ. රෑ හීනේනුත් සමාවෙන්න කිය කිය අඩනවා. මමයි අර සුරදූත පැටියයි ඔක්කොම පාලනය කර ගත්තා. ජුනී එක කදුළක්වත් පිට කරන්නේ නැතුව ඔක්කොම ප්රශ්න දරාගෙන හිටියා. ඒ අස්සේ තමුසේ ගලක් උඩට වෙලා හොදට සැපට බුදි. අනේ ඇත්තමයි මට එන තරහක්. ඉදපම්කෝ මම තමුසෙගෙ ලොම් හැලෙන්න බෙහෙතක් ගහනවා. " ජින් ඔලුවත් අල්ලගෙන කෑ ගැහුවා. " ආයිශ්!! මට එන තරහක්. "

" අම්මෝ ජින් හියොන්ග් මගෙ කන. කර්ණපටහ පටලය තුවාල වුනාද මන්දා. " යුන්ගි කීවේ කනට ඇගිල්ල ගහගෙන

" යා තමුසෙට ඔක්කම විහිළුද? අද මම තමුසෙව තව අගලක් කොටකරනවා. " හොබී කීවේ තරහින්

" ඔයාලා මට එච්චරටම ආදරෙයිද? "යුන්ගි ඇහුවේ හිනා වෙලා.

" පුහ්! මට ඇති රුදාවක් නෑ. " ජින් කීවේ ඔරවන ගමන්. 

" අනේ මට කහනවනේ. " එහෙම කීවේ හොබී

" අනේ මගෙ හියොන්ග්!!!!!!!!! " කොහෙද ඉදන් දුවගෙන ආපු ජිමින් යුන්ගිව බදා ගත්ත වේගෙට දෙන්නම බිමට පෙරළුණා.

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now