Chapter 25

466 115 68
                                    

" දැන් ඊළගට ස්ටොන්හෙන්ජ් වලට නේද යන්න තියෙන්නේ. එතනින් හැමදෙයක්ම ඉවර වෙයිද? අපි කට්ටියගේ වගකීම ඉවර වුණාම අපි මොකද කරන්නේ? අපිට වෙන වෙන පාරවල්වල යන්න වෙයිද? " හොබී කතා කළේ හරිම දුක්මුසු හැගීමක්.

ඔවුන් සුරදූත දිවයිනෙන් පිට වෙලා අදට දවස් දෙකක්. ටේ නැතිවෙලා දවස් තුනක්. ගවේෂණය ඉවර කරන්න ඔ්නි නිසා කරා මිසක් කිසිම කෙනෙක් තුළ උද‌්‍යෝගයක් ගෑවිලාවත් තිබුණේ නෑ.

" හොබී හියොන්ගි විකාර නම් කියන්න බෑ. මට බෑ ඔයාලවත් නැති කර ගන්න. මම ගොඩක් බයවෙල් ඉන්නේ. " ජන්කුක් කතා කළේ හිමීට

" ඒ දේවල් ගැන ගවේෂණය ඉවර වුණාම හිතමු. මට නම් දැන් යන්න තැනක් ඇත්තෙ නෑ.අනික අපි දැන් එහෙන් ඇවිල්ලා දවසක් දෙකක් වෙනවා අද රෑට. හෙට විතරයි ඉතුරු. මේ හැමදේම හෙටින්ට ඉවරයි. ඒක නෙවේ මට මහ අමුත්තක් දැනෙනවනේ. හරියට අපි දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ " 

" ඒක මටත් හිතුණා කීවේ නැති වුණාට. මට හිතෙන්නේ අපි ගැන ඔත්තු බලනවා "

" බලන කෙනෙක් බලයි යුන්ගි හියොන්ග්. අපි අදවත් කලින් නිදා ගමු. මට හිතෙනවා හෙට දවස අමාරු එකක් වෙයි කියලා " 

" නම්ජුන් හියොන්ග්ගෙ කතාව ඇත්ත. අපි නිදා ගමු දැන්.අනික මට හරි මහන්සියි අද. මට හිතෙන්නේ දැන් ගොඩක් රෑ වෙලා තියෙන්නේත් " ජන්කුක් කීවේ ඇත්තටමයි.

" හරි එහෙනම්. පොඩි විවේකයක් ගමු. හැමෝම නිදාගන්න එහෙනම්. යුන්ගි ඔතනින් පොඩි ගිනි ගොඩක් ගහන්නකෝ. මම තර්සස් එකෙන් මිදි වැලක් හදන්නම් අපි වටේට. 

___

ඔවුන් සියල්ලන්ම නිදා ගත්තා. නමුත් ඒ කිසිවෙකුගේ හිතේ සැනසීමක් නම් ගෑවිලාවත් තිබුණේ නෑ. පැය දෙක තුනකට විතර පස්සේ ජිමින් දාඩියත් දාගෙන ගැස්සිලා ඇහැරුණේ ආපහු සැරයක් හීනෙන් බයවෙලා.

ටේ නැති දවස් ටිකේ ඔහුට මෙය නැවත නැවතත් සිද්ධ වුණා. වෙනදට ඔහුව සනසවන්න ටේ හරි හිටියා. ඒත් අද ඔහු ඇත්තෙත් නෑ. ටික වෙලාවක් හයියෙන් හුස්ම ගත්ත ජිමින් බැලුවෙ තමන්ගෙ අනික් සගයන් දිහා. ඔවුන් සියල්ල ම තද නින්දේ පසු වෙමිනුයි සිටියේ. එහෙමම නැඟිටපු ජිමින් එතනින් ගියා. ගිහින් සඳ එළිය හොඳට වැටෙන තැනකින් ගිහින් ඉඳ ගත්තා.

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now