Chapter 24

445 113 55
                                    

එවර නම් පිරිස තුළ කුඩා උද්‍යෝගිමත් බවක් ඇති වුණා. ජිමින් ගමන ඉක්මණ් කළා.

" වූෆ් !!! "

" ඒ පාර නම් ළඟින් ඇහුණේ. මේ ළඟමයි." ජන්කුක් කතා කළෙ කුතුහලයෙන් යුතුව.

" පොඩ්ඩක් ඔහොම නවතින්න " හොබී කතා කරේ ටිකක් කලබලයෙන්. " මොකෙක් හරි මගෙ කකුලෙ ගෑවුණා. ජන්කුක් ටිකක් බලන්න ඒ මොකාද කියලා. ඔයාගෙ ඇස් පේනවනේ. "

" හරි හියොන්ග් ඉන්න බලන්න" කියපු ජන්කුක් බිමට නැවුණා. ඒත් එක්කම ජන්කුක් දැක්කේ වලහෙකුගෙ වගේ බූල් පිරුණු ලස්සන බලුපැටියෙක්ව. ඔහුගේ මුහුණේ සිනහවක් ඇඳුණේ නිරායාසයෙන්මයි.

" අනේ මේ ලස්සන පපියෙක් නේ " ජන්කුක් දොතින්ම ඒ බලු පැටියව වඩා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" අනේ මේ ලස්සන පපියෙක් නේ " ජන්කුක් දොතින්ම ඒ බලු පැටියව වඩා ගත්තා. බලු පැටියත් කිසිම විරෝධයකින් තොරව ජන්කුක්ඩෙ අත් දෙකට පැන්නා. ජන්කුක් එයාව වඩා ගත්තම ඌ ජන්කුගේ මූණ ලෙව කෑවා. සුළු මොහොතකට සියල්ල අමතක කළ ජන්කුක් ඔහුව සුරතල් කළේ හරිම ආදරයෙන්.

" මේ ඉන්නෙ චූටි කොල්ලා " ජිමින් කීවේ බල්ලගෙ හිස ආදරයෙන් අත ගාන ගමන්.

" කවුද ඒ චිමී? "

" ජින් හියොන්ග් ඒ යොන්ටැන්. එයාට ටැනී කියලා කියන්නේ. ටේ ගේ බලු පැටියා. " ජිමින් කීවේ ලොකු පසුතැවීමක් හිතේ දරාගෙන.

" වුෆ්! වුෆ් !! " බලු පැටියා මොනවදෝ කියනව වගේ ජිමින්ගෙන් ඇහුවෙ එයාගෙ අප්පා කොහෙද කියලා වෙන්න ඇති. ඒත් ඒ අහිංසක බලු පැටියා දන්නෙ නෑ එයාගෙ අප්පා මේ ලෝකේ ජීවත්ව නෑ කියලා.

" අනේ පැට්ටෝ ඔයා නැතිව පාළුවෙන් හිටියේ මම " ජිමින් බලු පැටියගෙ හිස ආදරෙන් අතගෑවා.

" ටැනී, ටැනී ඔයා කොහෙද? මාව අතරමං කරන්න එපා පැටියෝ. ඔප්පාගෙ යාළුවන් ව අපි හොයාගන්න ඕනි " උමඟ කෙළවරින් ඇහුණෙ ගෑනු ළමයෙක්ගෙ කටහඬක්.

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now