මුව පොව්වෙක්ට සිත ලියවිලා

117 30 2
                                    

කදුළු දැන් නම් ගලන් නෑ සිත
සිරකරන් කදුළැලි කලා
නැවත නොයෙනා බව දැනත් මුව
පොව්වෙකුට සිත ලියවිලා
නොබලාම මන් දමා යන්න ද
හිනහුනේ අපි හමුවෙලා
මතක හදවත ගිනිගද්දි ඔබ
සීතලට ළෙන්ගතු වෙලා

මොහොතකටවත් අපේ නොවුනි
අපි තනිව නිලබර යට වළා
උල් කරන ඔය තොල්ම පැතු නා
දලුද නියගෙට මැලවිලා
මුළ පටන් පෙම් කරපු මම අද පෙම
නමින් අසරණ වෙලා
නැවත ආ හැකිනම් දිනෙක පෙර
වගේ සොදුරුව හිනැහිලා

සුසුම් හෙළනට එපා වරළස
නොබැදුනා හිස මුදුනෙලා
තවත් මම හරි ආදරේ ඒ
කඩා හෙලු වරළට සලා
කමක් නෑ මට දරාගන්නට හැකියි
හොදහැටි රළුවෙලා
මතුබවෙකට ඔබ මගෙම වේවා
දළඹුවෝ ඉන්නම් බලා

LeeEunjoo0

අනේ ඒක හරිමලස්සනයි... 😍

කවි එවන අය එවන්න. තව එවපුවාත්තියෙනවා මට දාන්නත්....

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now