සිතුවිලි ☔

83 23 11
                                    

ආසයි බලා හිදින්නට
වැටෙනා හැටි තාලෙට
වැහි බිදු කැට
අසන්නට හැකිනම් රිද්මයක් ඒතුල
විදින්නට සොදුරු හැගීමකි වැස්ස...

අදුරෙන් හැඩගැන්වෙදී අහස
රටා මවයි එලි අතරින් පතර
දකින්නට හැකිනම් සතුටින් ඒ දෙස
කලාගාරයට හොද සිතුවමකි වැහි අහස...

හඩද්දී අහස මා සමග
කදුලැලි ගලයි මගෙ වැහි බිදු තාලයට
ඉකිගසා හඩනා විට
යටපත් කරයි ඒ හඩ ගොරවන අහස...

ඉතින් මම
පෙම් නොබැද කෙසේද
මගෙ හදේ දුක නිවනා
අර දුර වැහි අහසට...💦

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Tahanan ng mga kuwento. Tumuklas ngayon