හිටියනම් නුඹ මා ගාවින් 🙂

26 13 0
                                    

හිටියනම් නුඹ මා ගාවින්
ගුලිවෙන්න තිබුණා නුඹෙ උණුහුමේ
වැස්සටත් වඩා වේගෙන්
කදුලැලි ගලන මොහොතේ

නුඹ හිටියනම් මා ගාවින්
හිනාවෙන්න තිබුණා නුඹ එක්කලා
ගව් ගානක් දුර අහසටත්
අපෙ සද්දෙ ඇහෙන තරමින්

හිටියනම් නුඹ මා ගාවින්
අත් පටලන් යන්න තිබුණා
අතු උඩ පෙම් කරන
කුරුලු ජෝඩුවටත් පේන ලෙසින්

නුඹ හිටියනම් මා ගාවින්
කියා සිතනවා මම තවමත්
නුඹේ ඇස් දිහා බලලම
පුරුදු ලෙස හමුවෙන්නට අප
සමුගත් දිනේ පටන්....♡

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now