හිරු සද තරු ආදරේ 🧡

19 10 0
                                    

රෑ අහසෙ මම කැමතිම
හද එක්ක තරු කතා කරනවා අහන් ඉන්න
ඒ කතා අහන් ඉදලා
මම හිනාවෙනවා තනියෙන්ම

තරු ඉරිසියයි ඉරට
හද එක්ක හිනාවෙනවට
ඒ වුනත් තරු දන්නෙ නැහැ
හදේ එලිය ඉර හින්දා බව

හදත් අහන් ඉන්නවා
තරුවල කෝලම් කතා රෑට
නැහැ හද කියන්නෙ
ඉරට කේලම් කවදාක

හද කියනවා මට දවසක්
බලා ගන්නලු තරු අමාවකට
මමත් ඉතින් බලා ගත්තා
තරු ඉරට බය හින්දම

ඉරත් ඉතින් හිනැහෙනවා
එයත් දවසක තරුවක් වන නිසාම
මමත් ඉතින් හිනැහුනා
අමාවකටත් මගෙ හිතට තනියක් නැති නිසාම...

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now