අග්නි කියෙව්වම දැනෙන්නෙ මෙහෙම
පුවතකි සුසරු මිණි රැඳි භරණින් බැඳුන
නිම් නැති ගුණැති සිහිනෙක මදහස දරණ
නොදැනම විටෙක ශෝකය හදවත පිරුණ
කඳුළැලිවලින් හද මල මත පිනි රැඳුණමත් වුණ රස නහර ගිනි නියඹලාවට
රැස්කොට සිතළු විස නැති නියඟලාවට
දළඹුවෙකුත් අරන් රැල්ලට කලාවට
නම්කළ වගයි ඌ ගල් සියඹලාවටඇහැළ බිනර ඇට්ටේරියා යන කුසුමන්
නැතිමුත් ළග පුසුඹයි ඒ පුෂ්ප විමන්
ඇඹුලැති දොඩම් රත් පැහැ රස පිරි දෙළුමන්
දුටු විට මුවට නම් කිසි විට නොවේ ගිමන්උත්පල හරිත රජත ධවල වර්ණයක
මගෙම හිත බැඳෙන රඟ හීනියට දැක
නොනිමෙන දිලෙන මන පිනවන කලාවක
ඇවිදින්නට හිතයි ගිනිගත් තලාවකනෙක රූ මැවූ සොඳුරුම චරිතයන් මඟ
හිත ගියෙ වැඩිපුරම පොඩි පැටියෙකුට මිග
තිරයි සක් සුදක් සේ මගෙ හිතේ අග
සුලෝනාථ මිධුග්නි නොමැකෙනා වගLeeEunjoo0 මල් රැජින කියපු ටික ඒ විදියටම....
මුලින්ම සොරි නංගි මේක දාන්න පරක්කු උනාට.. ඒක ගොඩක් ලස්සනයි. ඒ වගේම ඔයාගේ හැකියාවත්.. මට ගොඩක් වටිනවා
ඒ වගේම , අනේ අග්නිවල කවි msg බෝඩ් එකේ පෝස්ට් කරපු අය ගාව ඒවා තියේ නම් මට inbox දාන්නකෝ ප්ලීස්. මැසේජ් බෝඩ් එක ඔටෝ රිමූ වෙනවානේ ඉම්හි.. කුනුපුරවලා නිසා හොයාගන්නත් නෑ..
YOU ARE READING
_ ඇඹුල් දොඩම්_
Randomඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ..