-සුබ ජන්ම දිනයක්- ( භාසු )

125 34 49
                                    

දිවියේ අප සැමදත් පතනුයේ...
සැබෑ මිතුරෙක් සහ සැබෑ ආදරයකි...
නමුදු අප මිත්‍රත්වය සොයනා තැන ,
ආදරය සොයනා තැන...
දිනෙක වැරදිය හැකියි...
ඉන් අපගේ දිවියට හානියක්ද විය හැකියි...
ඉදින් ඔබේ දිවියෙන් අපහට...
නැවත නැවතත් සපත කරදුන්නා...
සැබෑ මිතුරන් සෙවීම අපහසුම බව...
තුතියි භාසු අයියණ්ඩි ,
අනර්ඝ පාඩම්ක් කියා දුන්නාට ,
අප හට....
සුභ ජන්ම දිනක් අසුර අසිපත් දරන්නනි.....!
                                  ~ ඇඹුල් දොඩම් ~

දැන සිටියත් ඔබයි
අසුර අසිපත් දරන්නා බව...
නොදනී කාරණයන්
ඔබ කෙරේම මසිත ආලයෙන් බැඳීමට...
හැර යන බව දැන සිටියා නම්
කෙසේ හෝ ගලවාගමි උවදුරින්...
සුභ ජන්ම දිනක් ස්වාමීනි.........!
                                ~ ස්වප්නාදි ~

කුඩා කල එකටමයි අප ශිල්ප දැරුවේ...
භාසු අයියණ්ඩි , භාසු අයියණ්ඩි...
අසපුව දැවෙද්දී නැත මා ඔබ දුටුවේ...
පැතුවා ඔබ දිවි ගලවා ගෙන ඇතැයි කියා...
නැවත හමුවන විට කඩවසම් වී ඇතැයි හැඟුණා...
සොයුරෙක් ලෙසින් හිඳ තනි මැකුවා මාගේ...
නමුත් දැන උන්නේ නැහැ  එවන් ආලය...
ව්‍යාඝ්‍රකයෙකුගේ යැයි...
තවමත් විශ්වාස කළ නොහැකියි...
ඔබ මා රැවටූ බවක්...
නමුදු තවදුරටත් නොවේ මා විශ්වාස කරනුයේ කිසිවෙකුත්...
ස්තුතියි ජීවිත ආදර්ශ ලබා දුන්නාට මා හට...
සුභ ජන්ම දිනක් භාසුර අයියණ්ඩි.......!
                                        ~ සුලෝධජ ~

TaeDilki



භාසු......  මේ භාසුරලා ඇත්ත ජිවිතේත් ඕන තරං ... හැමතැනම ඉන්නවා.... භාසුර ධීර .. දෙන්නාම... සුලෝධජගේ ළගම අය... එච්චර ළගින් ඉදලා හිත් වල විස පුරවගෙන ඉදියා කිව්වම ?

ද්‍රෝහි වෙන්නේ කවදාවත් සතුරෝ නෙවේ.. ළගම ඉන්න අයයි....

භාසුර ද්‍රෝහි උන මොහොත සුලෝධජට දැනුන විදිය ගැන මං ලිව්වා අතිශයින් අසාර්ථකයි කියලා මං තේරුම් අරගෙන ඉන්නේ... මොකක්ද මං  ඒ ලිව්වේ ? භාසුර , ධීර සුලෝධජට ද්‍රෝහි උනාම සුලෝධජ නිකන් ෂොක් වෙනවා විතරයි.. පොතේ එක අසාර්ථක තැනක් එතන... ඊට වඩා ගොඩක් දේවල් ඒකට එකතු වෙන්න ඕනා..

මොන දේ උනත් , අග්නි පොත විතරක් කියෙව්ව අයට ඒ කතාව පරිපූර්ණ නැහැ.. අග්නි , දිවයුරු වෙර , සිතළු විතරක් නෙවේ ඇඹුල් දොඩම් කියන්නෙත් එකම කතාවක්... විශේෂයෙන්ම ගොඩක්ම කරුනු තිබ්බේ ඇඹුල් දොඩම් පොතේ...

සමහර චූටි චූටි තැන් තිබ්බා කිසිම කෙනෙක් සැගවුණ අර්ථය තේරුම් නොගත්ත.. අග්නි ආයේ කියවද්දි මට හිතුනා , මේක තේරිලා නැතුවදෝ කියලාත්.. ඒත්..

මේ ලැබෙන ආදරයට හැමදාම මං ණයගැතියි... ගොඩක් ණයගැතියි.. ඕතර් කෙනෙක්ට ලබන්න පුලුවන් ලොකුම සතුටක් මේ.. විශේෂයෙන්ම මං වගේ ආධුනික ලියන්නෙක්ට... මගේ චරිත ඔයාලාගේ කරගෙන ආදරේ කරනවාට ගොඩක් ගොඩක් ණයගැතියි...

අන්තිමට... ඒ චරිත අප අතරේ ඉන්නවා.. ඒක නිසා අග්නි පොතින් මං කියන්න හදපු දේ හැම වෙලේම මතකයේ තියාගන්න.. .

අතහරින්න එපා කිව්වේ , අතහැරිය නොහැකි දේවල් විතරයි... අනිත් දේවල් අතඅරින්න.. සදාකාලික නොවන ලෝකයක කවදාවත් සදාකාලික යාළුකම් හොයන්න එපා..

ස්තුතියි.

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now