පිවිසුම

1.2K 91 17
                                    

ඈතීන් ඇසෙන වීණාවක ශෝකී රාවය මුළු මාළිගා පරිශ්‍රය ම පිසගෙන ගලා ගියේ මේ දිනවල මාළිගාව වෙලී ඇති ශෝකීභාවය ගී තනුවලින් අර්ත්වත් කරන්නට වෙර දරමින් ...

මං හිටියේ කිරුළ හිමි කුමරුගේ මාළිගාව ඉදිරිපස අංගනය අතුගාන ගමන් ... තාමත් කිරුළ හිමි කුමරුගේ කුටියෙන් දරුවෙකු නොනවත්වා බෙරිහන් දෙන හඩ අසන්නට ලැබුනේ අර මාළිගාව ම වෙලී තිබුනු ශෝකී සිතුවිලි දෙගුණ තෙගුණ කරමින් ...

" හහ් .... පව් අසරණ දරුවා ... ඉපදිලා මාසයක් යන්නත් කලින් මව අහිමි වෙනව කියන්නේ ... සතුරෙකුටවත් ඒ වගේ විපතක් නම් වෙන්න එපා ... "

මා සමගින් ම අංගනය අතුගෑමේ රාජකාරියේ යෙදී සිටි මියැන් මියැන් සහෝදරිය එහෙම කිව්වෙ අතුගාන එක මොහොතකට නතර කරලා ඇයගේ ශෝකයෙන් පීඩිත මූණ කුමරුගේ කුටිය දෙසට යොමු කරමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මා සමගින් ම අංගනය අතුගෑමේ රාජකාරියේ යෙදී සිටි මියැන් මියැන් සහෝදරිය එහෙම කිව්වෙ අතුගාන එක මොහොතකට නතර කරලා ඇයගේ ශෝකයෙන් පීඩිත මූණ කුමරුගේ කුටිය දෙසට යොමු කරමින් ...

මේ ගුසු ලාන් රාජධානිය ලාන් වංශය විසින් පාලනය කළ අවධිය වුනා . වර්තමානයේ ගුසු දේශය පාලනය කළ රජු උනේ තාමත් විසිපස් හැවිරිදි වියේ පසුවුනු ලන් වංජී උතුමාණනන් වුනා . ගුසු රාජධානිය ලාන් වරුන් විසින් පාලනය කිරීම ආරම්භ වූයේ වංජී රජුගේ මුත්තනුවන්ගෙ කාලේ ඉදන් ... එතැන සිට පාරම්පරික උරුමයක් ලෙස රජකම ලන් වංජි රජුට හමු වුනත් ... ඔහු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම රජෙකු වීමට මනා සුදුසු කම් ලත් අයෙක් වුනා .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now