Chapter 5

559 111 61
                                    

ඊට පස්සේ මුළු දවසෙම මං හිටියේ මූණ හට්ටියක් වගේ කරගෙන බුම්මන් ... මියැන් මියැන් නුත් මං ඉන්න විදිහ දැකලම ද කොහෙද මා එක්ක ආයේ වැඩි කතාවට ආවේ නෑ  ... ඊට පස්සේ නම් මං කුටියෙන් එළියට අඩිය තිව්වෙම  නැති තරම් ... මං යුවාන් එක්ක දවසෙ ඉතිරි කාලය සැනසීමෙන් ගත කරා ...

ඇත්තටම යුවාන් කියන්නේ සතුටුවෙන්න පුළුවන් ඖෂධයක් වගේ ... ඔහුගේ ඇස්වල තියෙන පුංචි දිලිසුමකින් පවා කෙනෙක් ට හරි අපූරුවට නිවෙන්න පුළුවන් උනා ...

යුවාන් දවල්ටත් හදලා තිබුනු කිරි බදුන සම්පූර්ණයෙන් ම පානය කළා කිසිදු විරෝධයකින් තොරව ... කලින් අසනීප ගතියෙන් ඇදිලා ගිහින් තිබුනු ඔහුගේ මුහුණ දැන් දැන් ආපහු පාට වැටෙන්න අරගෙන තිබුනා වගේම කම්මුල් බෝල ගෙඩි වගේ පිම්බෙන්න අරං තිබුනේ දකින ඕනේ කෙනෙකුට ඒවා මිරිකලා දාන්න හිතෙන තරම් හුරුබුහුටි විදිහට ...

කිරි බීලා ඉවරවුනාට පස්සේ මං යුවාන් හෙමීට අත්වල තියාගෙන නළවන්න ගත්තේ ... ඉස්සර මං ජින් ලින් ව නළවන්න කියපු නැළවිලි කවියක් හෙමින් මුමුණන අතරෙ ... යුවාන්ගේ ඇස් හෙමි හෙමීට නින්දෙන් බරවෙන්න පටන්ගෙන තිබ්බා ... එතකොට ම වගේ කුටියේ ඉදිරිපස දොර හෙමීට ඇරෙන හඩක් ශ්‍රවණය වුනු නිසා මං මිමිණීම මදකට නතර කරලා දොර දිහා බැලුවා ...

උතුමාණන් ... අද එතුමා ඇදගෙන හිටියේ සුදුපාට වස්ත්‍රයක් ... ඒකේ තැනින් තැන වළාකුළු රටාවන් ගෙත්තම් වෙලා තිබුනා ... අර සදුන් සුවද මුළු කුටියම වහගනිද්දී ... එතුමා සිනාමුසු මුහුණින් අපි වෙත ළං වුනා ...

ජීවිතේ පළවෙනි වතාවට කෙනෙකුගේ හිනාවක් නිසා මගේ පපුවෙ හරි අසාමාන්‍ය දෙයක් වෙද්දී ... ඇග ඇතුළෙන් විදුලි ධාරාවක් ගමන් කරනවා වගේ මට දැනුනා ... මං කොච්චර ඒ හිනාවට බැදුනද කියනවා නම් මට නැගිටලා එතුමාට ආචාර කරන්න පවා අමතක උනා ...

ඒත් කවියයි පැද්දිල්ලයි නැවතුණු නිසා යුවාන් මේ වෙනකොට ආපහු ඇහැරලා හිටියා ... ඔහුටත් සදුන් සුවද දැනිලද කොහෙද ... ඔහුගේ ඇස් අර දීප්තිමත්ව දිලීසීමෙන් වැහීගෙන යද්දී ඔහු අත් ඉහළට ඔසවලා " අහ් ... අහ් ... " යැයි හඩනගමින් ඔහු වඩාගන්නා ලෙස ඔහුගේ පියාණන්ට දැන්වුවා ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now