Chapter 17

419 78 14
                                    

" ලන් ජාන් ... මගේ ලන් ජාන් !!! ... මං ඔබට ආදරෙයි !!! මේ ලෝකේ හැමදේකට ම වඩා මං ... ඔබට ආදරෙයි ... "

.
.
.
.
.
.

සුවද දුම්වල සිත් සනසවන ගන්ධයත් ... ඒ හා මුසු වුනු වාද්‍ය භාණ්ඩයක තත් බිදෙන හඩත් එක්ක මං ඇස් ලාවට ඇරියේ ... ඒ හඩ එන්නේ කොහෙන්ද කියලා විපරම් කරන ගමන් ...

ඊළග දවසට ඉර පායල තිබුනා ... ලා හිරු කිරණක් කුටියේ කවුළුවෙන් බේරිලා ඇවිත් සයනය හරහා රටා මවමින් ගමන් කරලා තිබුනෙ ... තවත් ලස්සන දවසක් උදාවෙලා කියලා හගවන්න වගේ ...

උතුමාණන් හිටියේ බිම එලන ලද බුමුතුරණක් මත තැබු කොට්ටයක එරමිණියා ගොතාගෙන වාඩිවෙලා ... එතුමාගේ දිගු ඇගිලි වීණාවක් වන් වාද්‍ය භාණ්ඩයක තත් මත හරි පරිස්සමෙන් එහෙ මෙහෙ යන ගමන් තිබුන ...

මං තාමත් හිටියේ  නිරුවතින් වෙද්දී ... ඊයේ රෑ අල්ලපු අඩව් වලට පින් සිද්ධ වෙන්න ... මුළු ඇගම තෙහෙට්ටු ගතියකින් වෙලී තිබුනු නිසා මං උදාසීන ලෙස ඇදේ වැතිරීගෙනම තත් බිදෙන හඩට කන් දුන්නා ...

හෝරා කාලකට විතර පස්සේ එතුමා වාද්‍ය භාණ්ඩයෙන් අත් මුදවගෙන ... මෙතෙක් වෙලා අඩවන් කරගෙන හිදි දෑස් හෙමීට විවර කරමින් සයනය දිහා බැලුවේ ... සන්සුන් නමුත් ආදරය උතුරන හිනාවක් මුහුණට නගාගෙනමයි ...

" අවධි උනාද ? "

එතුමා වාද්‍ය භාණ්ඩය පරිස්සමෙන් අරං පසෙකින් තියලා අසුනෙන් නැගිටින ගමන් විමසුවේ ... අපේ ඇස් වල බැදීම මොහොතකටවත් කඩා බිද නොදමමින් ...

මං හිනාඋනා ... ඒත් එක්කම " හ්ම්ම්ම් ... " කියලා උත්තර දුන්නා ...
එතුමා ඇවිත් සයනයේ කෙළවරෙන් ඉදගෙන මගේ නළලට හාදුවක් තිව්වෙ මගෙ ඇස් ලාවට පියවෙද්දී  ...

" අමාරු ද ... "

" හ්ම්ම් ... ටිකක් ... එදා තරම්ම නෑ හැබැයි ... "

එතුමා මගේ හිස හරි පරිස්සමෙන් පිරිමදින්න ගත්තේ ඒ දැනෙන සනීපේ  මං ඇස් පියාගෙනම විදින අතරෙයි ...

" ආයේ නිදාගන්න ද හදන්නේ ... කෝ කෝ නැගිටින්න ... උදේ අටේ හෝරාවත් පහුවෙලා ... යුවාන් නම් නැගිටල මගේ අතින් කිරිත් බිව්වා ... කෝ ... අමතක ද අද සටන් පුහුණුවට යන්නත් තියනවා නේ ද  ... "

Prince Concubine || wangxian [ Completed ]Onde histórias criam vida. Descubra agora