chapter 10

541 97 33
                                    

" උතුමාණනී ... ඔබතුමා ....හැමදාටම ... මගේ  විතරමයි නේද ..."

" ඔව් මගේ වෙයි ...හැමදාමත්  මං ඔබේ ම පමණයි  ... "

.
.
.
.
..
.
.
.
.

ඒ වදන් මිමිණීම හාම එතුමා නැවතත් මගේ නළලට ආදරණීය හාදුවක් තිව්වේ ... මගේ ඇස් නිරායාසයෙන් ම අඩවන් වෙද්දී ...

එතකොට ම ...

" හුවෑආආආආආආආආආආ ... "

" යුවාන් // ... !!! "

අපි දෙන්නම තිගැස්සිලා කෑගැහුවේ එකටම යි ...

එතුමා හරි පරිස්සමෙන් මගෙන් ඉවත්වුනේ මගේ කටින්   " ආහ් .. " යන වදන් ඉබේම පිටපනිද්දීයී ...

ඉන්පසු එතුම අසල තිබුනු උඩු කබාය සැණෙන් ඇගලාගත්තේ මාත් සයනයෙන්  බහින්න උත්සාහ කරන අතරේ  ...

නමුත්  ඒවනවිට සයනයෙන්  බහින්න තියා අඩුම ගාණේ සයනය මත වාඩිවෙන්නවත් බැරි තත්ත්වයක් මා වෙත උදා වී තිබුනේ ... මාව නැවත වරක් කෑගස්සමින් ... මගේ ඇග ... විශේෂයෙන්ම ඉණ සහ පසුපස ප්‍රදේශය සුළු හෙලවීමකින් පවා විශාල රිදුම් ඇති කරන තත්ත්වයකට පත්වෙලා තියෙද්දී ... නැගිටීම කෙසේ වෙතත් මං නැගිට්ට වේගෙන්ම ආපසු සයනයට ඇද වැටුනා ...

මගේ කෙදිරීමත් එක්ක ... යුවාන් ළගට යන්න හදපු උතුමාණන් මොහොතකට නතර උනා  ... ආපහු හැරුණු එතුමා නැවතත් මා වෙත නැඹුරු වී මගේ හිස පිරිමදින ගමන්

" ඔබට වෙහෙසයි වෙයි ... මදක් විවේක ගන්න ... මං යුවාන් ගැන බලන්න ම්... "

යැයි හීන් හඩින් තොල් මතුරද්දී ... විරුද්ධ වෙන්න ඕනේ උනත් ඒ සදහාවත් පණකෙන්දක් හොයාගන්න බැරි වුනු මම සයනයේ වැතිර සිටින ගමන් ම හිස ඉහළ පහළ සලමින් එකග වුනේ ...

" ස්තූතියි ඔබතුමාට ... " යන වදන් මුමුණමින් ...

උතුමාණන් ඒ වදන් හාම මදහසක් නගමින් ... " වෙයි යින්ග් ... මින්පසු අප අතර ස්තූතියි හෝ සමාව යන වදන් අනවශ්‍ය වදන් වේවී"  ... යයි පවසමින්ම මගේ හිස සිපගෙන හඩමින් සිටි යුවාන් වෙත දිව ගියා ...

.
.
.
.
.
.
.

" උතුමාණනී ... මම පාලක ජන්ග් ... ඔබතුමාගේත් කුමරුගේත් උදෑසන ආහාරය ... "

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now