Chapter 35

325 77 20
                                    

" මේක අපේ වැරැද්ද ... අපිට තිබුනා යුවාන් ඉස්සරහ ටිකක් සන්වරව හැසිරෙන්න ... ආහ් දෙවියනේ මේ පොඩි එකා වයසට වඩා බුද්ධිමත් වගේ ම ඒ තරමට ම පැහිලා ...අහෝ දෙවියනේ මාව බේරගන්න !!! "

.
.
.
.
.
.
.
Wei ying's pov ,

" පපාආආආආ !!! දෙයියනේ ඔයා දිලිසෙනවා ... ඔයා නිකං රාජ කුමාරයෙක් වගේ ... පපා ඔයා ගොඩාක් කඩවසම් !"

උතුමාණන් පරිස්සමෙන් මගේ අත අල්ලගෙන සැරසිලි කුටියෙන් පිටත විත් විසිත්ත කාමරයට ඇතුළු වෙද්දී ම  ... ජින් ලින් එක්ක  විශාල කතාබහක ගිලී උන් යුවාන් එක්වරම හිද සිටි පුටුවෙන් නැගිට අවුත් මා වෙත දිව ආවා ...

ඉතින් මාත් නැගෙන කෝල සිනහව අපහසුවෙන් මැඩ ගනිමින් ම යුවාන් දිහාවට අත දිගු කලේ ඔහුව වඩාගන්නා උනත් ... එක්වරම යුවාන් හිටි පියවර නතර උනේ මාව විස්මයට පත් කරමින් ...

" යුවාන් , ඇයි නැවතුනේ ... එන්න මා ළගට ! "

මං යුවාන්ට ළගට කතා කළත් ... තාමත් අඩියක් හෝ නොසෙල්වුනු යුවාන් ... හිටි පියවර ම සිටගෙන කකුළෙ ඇගිලි වලින් බිම මත රටා මවන්න උනේ ... ලැජ්ජාවෙන් ඇඹරෙමින් ...

" පපා ... මං අපිරිසිදුයි ... පපාගේ ඇදුම් අපිරිසිදු වෙයි ... හැරත් මාව වඩාගත්තොත් ඒවා පොඩි වෙයි ... "

අනේ මගේ අහිංසක කොල්ලා ... මගෙ මුව එක්වරම මන්දස්මිතයකින් වැසී යන්න උනේ ... යුවාන් ගැන පිරුණු මගේ ආදරය තව තවත් ඉහළ නංවමින් ...

ඒත් එතකොට ම පාලිකා හන් අප දෙසට ඇවිදගෙන ආවා ... කලින් මා සරසන අවස්තාවේ ඇය හැද සිටියේ , දූපතේ දී ඇය හැදීමට පුරුදුව හිදි කපු රෙදි පිළි උනත් ... මේ වෙනකොට ඇයත් පාලිකා ඇදුම් ආයිත්තම් වලින් තම ගත සරසගෙන ඉදියා ...

" ඒ ගැටලුව මා විසදන්නම් ... යුවාන් කුමරුනී , මා සමග එන්න ... මං ගාව තියනවා ඔබව ලස්සන කරන්න ආයිත්තම් බොහොමයක් ... "

පාලිකා හන් මදක් යටහත් පහත්ව එසේ පවසද්දී ... යුවාන් පුදුමයෙන් පිරුණු  තම කුඩා මුහුණ පාලිකා හන් වෙත යොමු කරමින් මෙසේ තෙපළුවා ,

" හන් නැන්දේ ... ඇයි ඔයාට මට ඔහොම කතා කරන්නේ ?"

යුවාන් කුමරුනී යැයි පාලිකා හන් විසින් ඔහුව ආමන්ත්‍රණය කිරීම යුවාන් ව අන්දමන්ද කරලා තිබුනා ... අසරණ දරුවා ... ඔහුට මේ දේවල් වලට පුරුදු වෙන්න බොහෝ කල් ගත වේවී ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now