chapter 8

502 100 72
                                    

එතුමා ගේ ඇස්වල ආදරයට අමතර තවත් අමුතු ගින්නක සේයාවන් මැවෙද්දී ... මං මගේ යටි තොල් දත්වලින් ලාවට හපාගත්තේ ... තවත් කෙළ ගුලියක්  අන්නස්‍රෝතයට හරි වේගෙන් ගාටද්දීම යි ...

රජතුමා තමන්ගෙ එක අතක් මගේ කම්මුලක් උඩින් තියන ගමන් ඒ අතේ මහපටඇගිල්ලෙන් මගේ තොල් පිරිමදින්න ගත්තේ ... ඒ දැනෙන සනීපෙට මගේ දෑස් අඩවන් වෙද්දී ... අපි දෙන්න ම හුගක් කලබල වෙලා හිටි බවට ඉගි දෙමින් දෙන්නගෙම හුස්ම හුගාක් වේගෙන් ඉහළ පහළ  ගියා ... එතුමගේ උණුසුම් හුස්ම මගේ දෙතොල් වලට වැදෙන ප්‍රමාණය එන්න එන්න වැඩිවෙද්දී ... එතුමා මගේ  දෙතොල් යටත් කරන්න මාන බලන බව මට වැටහුනා ...

මං දෑස් අඩවන් කරගෙන එහෙම්මම හිටියා ... ඉහළට ගත්තු හුස්ම පහළට හෙළන්න පවා මට අමතක වෙලා තිබුන ...

හේතුව ... මේ මගේ දෙතොල්වලට ලැබෙන පළවෙනි ම හාදුව ... මං දැනගෙන හිටියේ නෑ දෙතොලකින් තවත් දෙතොලක් සිපගන්නේ කොහොමද කියලා ... ඒත් මං විශ්වාසෙන් එතුමා ආරම්භ කරනකං බලාගෙන හිටියා ...

අද රෑත් නිදිනැතිවෙයි වගෙයි ... !

ඒත් එතකොට ම ...

" උතුමාණනී , ... මම පාලක ජන්ග් ... සමාවෙන්න බාධා කරනවට ... නමුත් මං ඔබතුමාට දන්වන්න කැමතියි ... තව හෝරා කාලකින් රාජ සභාව ඇරඹීමට නියමිත බවත් ... ඔබතුමා ඉක්මන් කළ යුතු බවත් ... "

පාලක ජන්ග් ගේ කටහඩ කුටියෙන් පිටත රැව් පිළිරැව් දෙද්දී උතුමාණනුත් මාත් ගැස්සිලා දෙපසට විසික් උනේ ... මං වහාම තොටිල්ල දිහාවටත් එතුමා වහල දිහාවටත් ඇස් හරවද්දී ...

"ක් හැම් "

අන්තිමට එතුමා උගුර පාදලා ... " එහෙනම් මං දැන් යා යුතුයි ... පරිස්සමෙන් ඉන්න ... "

කියලා මගේ ඔළුව හරි ආදරෙන් අතගාලා යුවාන් ටත් පුංචි හාදුවක් තියලා යන්න ගියේ ... මං මූණ කොරොස් හට්ටියක් වගේ කරගෙන බුම්මන් ඉද්දීයී ...

.
.
.
.
.
.

දවසෙ ඉතිරි මුළු කාලයම මං ගත කළේ මියැන් මියැන් ගේ නිමක් නැති ඕපදූප කතාවට කන් දෙන ගමන් මගේ මේසෙ උඩ හොදහැටි නිදි කිරමින් ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now