chapter 2

499 91 23
                                    

ලන් වංජී රජු ... ඔහු ගැන කිව්වොත් ... හොදයි මං මීට කලින් කවදාවත් ම ඔහුව මේ තරම් ළගට දැකලා තිබුනේ නම් නෑ ... ඒත් මං ඔහුව දැකලා තිබුනා ... ඔහු හැම උදෑසනකම රාජ සභාවට යන හැටි ආපහු එන හැටි ... ශිල්ප පුහුණුවට යන හැටි ආපහු එන හැටි ... මේවගේ දේවල් මං දුර ඉදන් බලාගෙන ඉදලා තියනවා ...

ඔහුගේ රත්තරං පාට  .... නැත්නම් ඒ කහපාට ද ... හොදයි මට පැහැයන් ගැන ලොකු දැනුමක් නැතත් ... එතුමගේ  ඇදුම්වල තියන ඒ පාටට මං ගොඩාක් ආස කළා . ලන්වරුන්ට කලින් හිටපු රජවරු රත්පැහැය කළු පැහැය වගේ තද  වර්ණයන් වැඩිපුර ඇන්දත් ලාන්වරුන් රජවීමත් එක්ක රාජකීය ඇදුම් ළාපාටකට හැරිලා තිබුනා කියලා ෆෙග්මියන් පපා ඉස්සර කියනවා මං අහලා තීයනවා ... ෆෙග්මියන් පපා ඉස්සර මාළිගාවට වයින් සපයන තැනක වැඩකරපු කාලේ දවසක් චීරෙන් රජතුමාව දැකලා තියලු ... එතුමා ඇදගෙන ඉදලා තියෙන්නේ ළා නිල්පාට ඇදුමක්ලූ ...

" ක ... ක ... කමාකරන්න උතුමාණනී ... " මගේ ළග දණින් වැතිරිලා හිටපු කනිෂ්ඨ පාලිකාවගේ ගොත හඩත් සමග මං නැවතත් පියවි සිහියට ආවා ...

රජතුමගේ ඇස්වල ඉදන් ඇදුම් වෙනකං යොමු වෙලා තිබුනු මගේ කල්පනා සාගරේ ඒ මොහොතෙම බිදිලා ගිහින් ... ජීවිතය නැතිවීමට යාම පිළිබද ව ඇති වූ  බියෙන් මගේ මුළු ඇගම නැවත වතාවක් අරක් ගත්තා.

පසෙකින් පාලිකා චෝයී තක්කාලි ගෙඩියක් වගේ රතු වුනු මූණකිනුයි දුම් දාන ඇස්වලිනුයි මාව පුච්චමින් ඉන්නවා මං ඇස් කොණින් දැක්ක ... ඒත් මේ සියල්ලම අතරේ ළාමක නිල් ඇස් තාමත් මා එක්ක හිනවීගෙනම අතේ තියන බදුනත් සමග සෙල්ලමේ වැටී සිටියා ...

තත්පර කිහිපයක් රැදී තිබුණු නිහැඩියාව ... නැවතත් අර දෙපා වෙව්ලවන ගැඹුරු හඩින් බිදී යද්දි මං තව තවත් ඇකිළුනා ... ඒත් මට තාමත් කුමාරයව තොටිල්ලෙන් තියන්න තරම් සිහියක් පතක් තිබුනේ නෑ...

" කවුරුන්ද ඔබ ... ? "

කලින්ට වඩා ඒ ස්වරයේ මද සන්සුන් බවක් යන්තමින්  දැවටිලා තිබුනා .

" මං මං ... " මොන විකාරයක්ද  !!! තාමත් මගේ හුස්ම ටික ස්වරාලෙන් මෙහාට එන්න අදිමදි කරනවා වගේ !!!

Prince Concubine || wangxian [ Completed ]Unde poveștirile trăiesc. Descoperă acum