Chapter 19

398 76 14
                                    

" ටාංංංංංං "

හාදුව ලත් තැන ම ලොප් කරමින් බන්දේසියක් බිම වැටුනේ ... අපි දෙන්න ම තිගස්ස්වමින් ...

.
.
.
.
.
.
.

" අ ශියෑන් ...  !!!! "

" ශිජියේ මං මං "

ඇවිත් හිටියේ ශිජියේ සහ ආ චෙන්ග් පපාවත් වත්තම් කරගෙන වෙද්දී ... පිටිපස්සෙන් ජින් මස්සිනා ඇස් බෝල ගෙඩි තරම් ලොකු කරගෙන මා දිහා බලං ඉදියා ... බන්දේසිය තිබිලා තියෙන්නේ ජින්  මස්සිනා අතේ වෙද්දී ... ඒක බිම වැටිලා ඒකේ තිබුනු වතුර ටික ඔක්කොම බිම පුරා විසිරිලා තිබුන ...

පපා හිටියේ ඔක්කොටම වඩා බයවෙලා වෙද්දී , මං වහාම උතුමාණන්ගෙන් ඈත්වෙලා පපා ගාවට දිව්වෙ සමාව ඉල්ලන්න වදන් මුමුණන ගමන් ...

" පපා , ශිජියේ , මං ඉන්න මං පැහැදිලි කරන්නම් ..."

" තව මොනව පැහැදිලි කරන්නද ... තමුන් මොන නාඩගමක් ද නටන්නේ ... රජුව විවාහ කරගෙන ආරක්ෂකයා එක්ක පෙම් කෙලිනවද !!!  "

ආ චෙන්ග් බෙරිහන් දෙන්න ගත්තේ මාවත් ගොළු කරමින් වෙද්දී ... මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව මං මොහොතකට ගල් වෙලා බලා හිදියා ...

ඒත් ඒ එක්කම වගේ උතුමාණන් ගේ ගැඹුරු හඩ නිහඩතාවය බිදිමින් නින්නාද වෙන්න ගත්තේ සැවොම මොහොතකට එක තැන නතර කරමින් ...

" කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නෑ ... මං සියල්ල පැහැදිලි කරන්නම් ... මා ශියැන් කුමරගේ ආරක්ෂක නිළධාරියා නොවෙයි ... ඔහුගේ සැමියා ... කොටින්ම කිව්වොත් මං තමයි මේ රාජ්‍යයේ රජු ... ලන් වංජි ...

මං දන්නව එය විශ්වාස කිරීම අපහසු බව ... නමුත් මට මගේ අනන්‍යතාවය ඔප්පු කරන්න තියන එකම ක්‍රමය තමයි මේ රාජකීය මුද්‍රාව ... "

උතුමාණන් තම ඉණෙහි රැදි පසුම්බියෙන් ගත් රාජකීය මුද්‍රාව සැවොමටම පෙනෙන ලෙස ඇල්ලුවා ... එය දුටු පපාගේ වගේ ම අනික් අයගෙත් දෑස් විසල් උනේ පුදුමයත් බියත් මිශ්‍රිත වූ හැගීමකින් වෙද්දී ... උතුමාණන් නැවතත් මුද්‍රාව පසුම්බියේ තැනපත් කරගෙන අත් එකතු කරලා ඉස්සරහින් තියාගෙන පපාට ආචාර කරන්න ගත්තේ මේ විදිහට තොල් මතුරමින් ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now