Chapter 37

301 74 11
                                    


ඒවදන් හාම මාව රූපලාවණ්‍ය මේසයට බර කරපු උතුමාණන් මගේ දෙතොල් පිස්සුවෙන් වගේ සිපගන්නත් සපාකන්නත් උනෙ ... ශෘංගාරත්මක  උමතුවකින් වෙද්දී ... මේසය මත වූ රූපලාවණ්‍ය ආලේපන සුවද ද්‍රව්‍ය ආදී නොයෙක් දෑ බිම වැටී .... ' සට සට ' හඩින් බිදී යන්නට  උනේ ... අවට පරිසරය ම විවිධ වර්ණයන්ගෙන් සහ ගන්ධයන්ගෙන් නහවමින් උනා ...

.
.
.
.
.
.
.
" උ උ උතුමාණනී !!! හ්හ්හ් "

එතුමා උන්නේ පිස්සුවෙන් වගේ මගේ ගෙල සිපගනිමින් වෙද්දී ... වසර තුනකට පසු නැවතත් එතුමාගේ සරාගී ස්පර්ශය හමුවේ සෙමින් සෙමින් ප්‍රාණවත් වෙමින් තිබූ හැගීම් ගොන්න මැඩගනු වස් යටි තොල් දත්වලින් සපාගෙන ම මං එතුමාගේ උරහිස් ආයාසයෙන් ඈත් කරන්න වෙහෙසුනා ...

නමුත් එතුමා නොවෙයි මොහොතකට හෝ තම ක්‍රියාව නතර කළේ ... ඉදින් අවසානයේ මා මගෙ සියලු ශක්තිය යොදාගෙන එතුමා ව වේගයෙන් ඉවතට තල්ලු කළා...

කෙසේ හෝ ඒ තල්ලුව හමුවේ උතුමාණන් මගෙන් ඉවතට විසි වෙද්දී ... ඒ ඇස් තුශ්නිම්බූත  භාවයකින් විසල් ව තිබුනා වගේ ම ... සියුම් කෝපයක සේයාවන් පවා ඒ දෑස් වල තැවරී තිබුනා ...

" මොන මගු ... !  ... වෙයි යින්ග් , කිමද මේ !!? "

එක්වරම සිදු වූ දේ හාම එතුමා තුළින් මා කෙරෙහි සාපයක් පැන නැග්ගද ... වහා මගේ දෑස් වෙත අවධානය යොමු කරපු එතුමා ... ඉක්මනින් තම වදන් වෙනස් කරන්න උනා ...

" මුකුත් නෑ ... මට අද මහන්සි ... "

කිසිවක් සිදු නොවුනු අයුරින් මා භාගෙට ලිහී තිබුනු වස්ත්‍රද යළි සකසමින් ... බිම තිබුනු බිදී ගිය වීදුරු කැබලි බේරමින් අඩිය තබමින් ... කුටියේ පිටවීම වෙත පියනැගුවා ...

" වෙයි යින්ග් ... ඔහොම නවතින්න ... මේක ඉල්ලීමක් නොවෙයි අණක් ...! "

එතුමා ගේ හඩ එක්වරම රෞද්‍ර භාවයක් අත්කරගෙන තිබුනා වගේ ම ... එහි තීව්‍ර තාවය හේතුවෙන් ඒ හඩ මුළු කුටිය පුරා ම රැව් පිළිරැව් දුන්නේ මාව එකතැන නතර කරමින් ...

ඉන්පසු ඇතිවුනු නිහඩතාවය තුළ ඇසී ගියේ එතුමා ගේ පාවලට පොඩි වන වීදුරු වල හඩත් ... එතුමා ගේ වස්ත්‍ර එකිනෙකට ඇතිල්ලීම නිසා ඇතිවෙන සර සර හඩත් වෙද්දී ... මං වහා ම ආපසු හැරුනේ කනස්සලු මුහුණින් යුතුව උනා ...

Prince Concubine || wangxian [ Completed ]Donde viven las historias. Descúbrelo ahora