Chapter 20

437 70 16
                                    


යුවාන් අඩන්න ගත්තේ  මුළු කුටියෙ ම නිහඩතාවය එක තත්පරයෙන් බිදිමින් ...

අම්මපා මේ කොල්ලා නම් ... !!!

.
.
.
.
.
.
.
.

රෑ තිස්සෙ ම යුවාන් මටයි උතුමාණනටයි නිදාගන්න වාරණ පනවල තිබුනේ ... අපි දවල් නොසිටි එකේ පළිය ගන්න වගේ ...

ඒත් හෙට උතුමාණන්ට රාජ සභාවට යන්න තියන නිසා මං කළේ යුවාන් වත් එක්ක තොටිල්ල තිබුනු කුටියට ගියපු එක ...

මට නින්ද ගියේ කීයටද කියලා මතක නැතත් ... තොටිලි කාමරේ නින්දට වැටුනු මම ආපහු ඇහැරෙනකොට ඉදියේ  අපේ සයනයේ වෙද්දී ... මගේ එහාපැත්තෙ යුවාන් සාමකාමී ව නිදාගෙන හිටියා ...

උතුමාණන් මාව ඇදෙන් තියලා රාජකාරි කටයුතු වලට යන්න ඇති ... හිතින් හිතන ගමන් මං සයනයෙන් නැගිට්ටේ යුවාන් නොඇහැරෙන ලෙස වගබලාගෙන අතිශය ප්‍රවේසමෙන් ...

මට මතක් උනේ අපෙ පළවෙනි දවස ... එදත් තොටිල්ල ළග නින්දට වැටුනු මං ඇහැරුනේ සයනයෙන් වෙද්දී ... එදත් එතුමා මාව තියලා යන්න ගිහින් තිබ්බ ...

එදා කොහොමද ඇදට ආවෙ කියලා හරියට ම නොදන්නවා උනත් ... එහෙම දෙයක් කරන්න මගේ ජීවිතේ ඉන්නෙ එක ම එක මනුස්ස පරාණයයි කියලා දන්න මගේ කට කොණට හිනාවක් මෝදු උනේ නිතැතින්මයි ...

ඊයේ එක්වටයකට සීමාවී නතර කළ රමණයේ ප්‍රතිඵල උනේ ... උදේ ඇහැරෙනකොට පවා මගේ හැගීම් ලාවට අයාලේ ගොස් තිබීමයි ...

ඇත්තටම මං කොච්චර වෙනස් වෙලාද ... කුටියේ ප්‍රතිබිම්බයෙන් පෙනෙන මගේ ජායාව දිහා බලාගෙන මං හිතන්න ගත්තා ...

මුලින්ම හැමදාම ඕනේ කියලා ආදරණීය තරවටු කරපු උතුමාණන්ටත් වඩා දැන් දැන් මට තමයි ඒ දේවල් වැඩිපුර ම ඕනේ වෙලා තියෙන්නේ කියලා මතක් උනු මගේ කම්මුල් රතු උනෙ දර්පණ ජායාවත් රත් පැහැයට හරවමින් ... මං මගේ අත මගේ ගෙල වෙත මෙහෙයවූවා ... උතුමාණන් ගේ ආදරණීය සලකුනු බෙල්ල වැහෙන්න ම තියෙද්දී ... මං ඒ සලකුණු උඩින් මගේ දිගු සුදුමැලි ඇගිලි අරගෙන ගියේ  ලතාවකට ...

මගේ ඇස් ලාවට පියවෙලා යටි තොල හැපුනේ එතුමාගේ පහස ළග  නැතත් හැගීම් මාත්‍රයකින් හෝ දැනුනු නිසා වෙන්න ඇති ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now