chapter 15

472 91 19
                                    

" අග බිසෝ යිං යිං ඔබතුමාව බාලාපොරොත්තුවෙන් අධ්‍යයන කුටිය තුළ රැදී ඉන්නවා ... !!! "

.
.
.
.
.
.
.
.
.
.
.
.

" ටක් ටක් ටක් "

අගබිසෝ යිං යිං හිටියේ අධ්‍යයන කුටියේ සාමාන්‍යයෙන් උතුමාණන් අසුන්ගන්නා අසුනට බර වී පින්සලකින් මේසයට තට්ටු කරන ගමන් ...

මං කුටියට ඇතුළු වූ හාම ඇය මදක් හිස ඔසවා මා දෙස බැලුවේ ... කට කොන් නක්කල් සිනහවකුත් මුහුණට ආරෝපණය කරගන්න ගමන්මයි ...

මං හිස නවා ඇයට ආචාර කරා ... පින්සලේ ටක් ටක් නාදය තවමත් කුටියෙ නිහඩතාවයට බාධා කරනවා ... මං තාමත් දොර අසල සිටගෙන ...

අවසානයේ පින්සලේ චලනය නතර කළ ඇය ... තම දෙතොල් චලනය කරමින් කතාවට මුල පිරුවා ...

" වෙයි වුක්ශියෑන් ... ජියැන්ග් ෆෙග්මියන් ගේ හදාගත් පුත්‍රයා ... හහ් ... බලන්නකො ඔබ ඇවිත් තියන දුර ... රජුගේ ම සිරියහන් ගබඩාව ... ලේසි නෑ නේද ... හහ් ... "

මගේ දෑස් පුදුමයෙන් විසල් උනා ... කොහොමද ඇය මගේ පවුලේ අය ගැන දන්නේ ... !!!?

" මොකද බය වුනාද ඔබ ... ? "

ඇය අසුනෙන් නැගිටලා මං ළගට පා තිව්වෙ ... මං ඉහළට ගත්තු හුස්ම පහළ නොයවමින් තාමත් පුදුම වූ දෑසින් ඇය දෙස බලන අතරතුරේ ...

" මේ අහන්න මෝඩ කොල්ලෝ ... මේ ලෝකය ඔබ හිතනවට වඩා ගොඩාක් නපුරුයි ... චක් ... කොහොමත් ඔබ තාම ඇටෙන් පොත්තෙන් ආපු ගමන්මනේ ... ඔය වයසෙදී රජෙකුගේ නොවෙයි ... හිගන්නෙකුගේ උනත් ආලයට වහවැටී වල්මත් වන වයස ... කෙසේ වෙතත් කල් යත් ම ඔබට වැටහේවී සැබෑ ආලය යනු කිසි දිනක මේ ලෝකයේ නොපැවති දෙයක් බව ...

මං අද මෙහි ආවේ ඔබ එක්ක රණ්ඩු කරන්න නෙවෙයි ... අන්ධ වී ඇති ඔබේ දෙනෙත් මදක් විවර කරවා සත්‍ය පහදා දෙන්න ... 

ටික කලකින් රජුට ඔබව අමතක වෙයි ... කවුද දන්නේ ඇහැට කනට පේන ඔබ වගේ ම තවත් සේවකයෙක් හෝ සේවිකාවකට රජු වහ වැටුනොත් ... ඔබ කොහොමද විශ්වාසයෙන් කියන්නේ එහෙම දේවල් නොවේවි කියලා ... හරියට මාසයක් වත් නොපිරුනු ඔබේ මේ ආල රංගනයට සදාකාලික බවේ මුද්‍රාවක් ඔබ කෙසේද තබනුයේ ආ ... "

Prince Concubine || wangxian [ Completed ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ