Chapter 11

457 91 27
                                    

මගේ ඇස්වල සතුටු කදුළු මහගොඩක් පිරුනා ... හැමදේකට ම වඩා මං වටින බව වචන හරඹෙකින් ම මට දන්වද්දී මං හිස වනමින් එතුමට පිළිතුරු බැන්ද ...

" ඔව්  මගේ රජතුමනී ... මට හොදින්ම වැටහෙනවා ... !"

.
.
.
.
.
.
.
.

" අපි එළියට යමුද ඇවිදින්න ...?  " අන්තිම බත් කටත් කටට ඔබාගන්න ගමන්ම උතුමාණන් මගෙන් විමසුවේ උද්‍යෝගය පිරුණු දෑසකින් මා දිහා බලමින්...

හොදයි ... ඒත් මට නම් අඩියක් වත් හෙල්ලෙන්න බැරි තරමට ඇගට අමාරු ගතියක් වගේම ... එළියට ගිහින් අනිත් අයට මුහුණ දෙන්න බැරි මොකක්දෝ ලැජ්ජාශීලී ගතියකිනුත් ගත වෙලී තිබුනා ...

ඒත් ...

මං යන්න බෑ කිව්වොත් උතුමාණනන්ට දුක හිතේවි ... එතකොට ඒ දෑස් වල තියන කාන්තිය අඩුවේවී ... ඉතින් මේ ලෝකේ මං දකින්න අකමැති ම දේ තමයි ඒක ... ඒනිසා මං අන්තිමේදී හිස වනමින් එතුමට මගේ කැමැත්ත පළ කළේ ... එතුමගෙ දෑස් තව තව කාන්තිමත් වෙන දිහා ආසාවෙන් බලා ඉන්න ගමන්මයි ...

.
.
.
.
.
.
.
.

අපි දෙදෙනම සැරසී  සිටියේ  මගේ දෑස් වල පැහැයට ගැළපෙන අළුපාටට හුරු වස්ත්‍ර වෙද්දී ... එතුමා වරින් වර මගෙ දෑස් දිහා වගේ ම මගේ ඇදුම් දිහාත් මට හොරා අගයකරන සුළු බැලුම් හෙලද්දී ... මාත් ආඩම්බරයක් හිතේ තියාගෙන ම එතුමගේ අත්වල පැටලිලා හරිත  තුරු ගොන්නකින්   සෙවණවුනු සෙවණැති  මාවතේ ඉදිරියට ඇවිද ගියා ...

මාත් රජතුමාත් කුටියෙන් පිටතට අඩිය තියන විට ම දහස් ගණන් විමසුම් ඇස් මෙන් ම සිනහව තද වුනු දෙතොල් අප දෙසට එල්ලවෙද්දී ... මං හැකි තරම් මගේ කොරගැසීම් අන් අයගෙන් සගවගන්න උත්සාහ ගත්තා ...

මගේ හැසිරීම දැකපු එතුමා හිනාවකින් මූණ සරසාගෙන ම ...

" බයවෙන්න එපා වෙයි ... මේ මාළිගාව ... මෙහි බිත්ති සාමාන්‍ය ගෘහයකට වඩා ඉතා ශක්තිමත් ... විශේෂයෙන්ම අන්තඃපුර නිවාසවල ... " කියලා මුමුණමින්ම මට ඇස් වලින් ඉගි පෑවේ ... මාව ලැජ්ජාවෙන් ම තව තවත් රතු කරමින් ...

හොදයි ඔවුන්ට නොඇසුනත් ... ඔවුන් අනිවාර්යයෙන් ම අනුමාන කරන්න ඇති නේ ... ම්හුක් !!!

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now