Chapter 18

391 92 13
                                    


" චටාස් ..!!!! . "

ජියැන්ග් චෙන්ග් ... මට කම්මුල් පහරකින් සංග්‍රහ කළෙ එහෙමයි !!!!

.
.
.
.
.
.
.
.

ආ චෙන්ග් කරපු දෙයින් අන්දුන්කුන්දුන් උනු මම අඩියක් පස්සට ගත්තේ සිදු වුනු දේ දැකපු උතුමාණනුත් අඩියට දෙකට මගේ පැත්තට එද්දියි ...

නමුත් ඊළග තත්ත්පරයේ හැමදේම වෙනස් උනේ ඇහිපිය ගහන්නවත් වෙලාව ඉතුරු නොකරමින් ...

ආ චෙන්ග් මගේ ඇගට පැනලා මාව බදාගත්තේ බෙරිහන් දෙදී අඩනගමන් ...

" මෝඩයා ... කොහෙද මෙච්චර කල් හිටියේ ... කොච්චර හෙව්වද ... හම්බෙන්න උත්සාහ කරාද ... මාළිගාවේ දොරටු සතරේ කී දවසක් නම් හොරගල් ඇහුලුවද ... අඩුම කථා කරන්න බැරි වුනත් ඔබව දැකගන්න හරි ...

එකපාරටම විවාහ උනා කිව්ව ම ... අන්තඃපුරයට එකතු උනා කිව්ව ම අපිට මොනවා හිතුනා කියලද ඔබ හිතෙන්නේ ...

මාළිගාවේ මිනිස්සු ඔබ මරාදාලා ඒ වැරැද්ද වහන්න අපිට මේ දේවල් දුන්න කියලා හිතලා රෑ කීයක් නිදිවැරුවද ...

මෝඩයා ... මෝඩ වෙයි වුක්ශියෑන් ... දැන්ද යකො ගෙදර එන්නේ ... "

ආ චෙන්ග් දෙඩෙව්වා ... හුස්මගන්නවත් තමන්ගේ හඩ නොනවත්වමින් නොකඩවා දෙඩෙව්වා ... වරින් වර ඉකියක් නිසා හඩ බිදෙන විට පවා ඔහු එක දිගට කියවගෙන ගියා ... ඔහුගේ මුළු ඇගම මා වැළදගෙන තියෙද්දී ... ඔහුගේ ඇස්වලින් ගිලිහුනු උණු කදුළු මගේ වස්ත්‍ර තෙමමින් උන්නා ...

මං තාමත් හිටියේ ගල් ගිල්ලා වගේ ඔහේ බලාගෙන ... අඩුම මට පෙරළා ඔහුව වැළදගැනීමටත් අමතක වෙලා තිබුනා ...

" කිව්වා නේද යුන්මෙන් පැල්පතේ ජේඩ් මාණික්‍ය දෙක අපි කියලා ...

ඔබ මෙහෙම අතුරුදන් උනා ම මට කොහොම දැනෙන්න ඇති කියලා ද හිතුවෙ ...

සැපසේ නිවසට වෙලා වාඩිවෙලා ඉදී කියලද ...

රජා නෙවෙයි සක්‍රයා බැන්දත් උබ මගේ සහෝදරයා වෙයි ... උබ කොහොමද ඒක අමතක කරලා මෙච්චර කල් අතුරුදන් උනේ ... "

ආ චෙන්ග් ගේ අවසන් වදන් හාම මගේ දෑත් ඔහුව තදින් වැළදගත්තේ වී ... ඔහුගේ උණුසුම මට තදින් දැනෙන්න ගත්තා ... මගේ ඇස්වල මෙතෙක් වෙලා රැකවල් ලා සිටි කදුළු බිදු එක දෙක පල්ලම් බහිද්දී  ... මගේ කදුළු ඔහුගේ වස්ත්‍ර තෙත් කරන්න උනා ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now