Chapter 29

307 70 18
                                    


යුවාන් ගේ හැඩිල්ල ඈතින් ශ්‍රවණය වෙද්දී ... පියවුනු දෑසින් සහ අගුලු වැටුනු දෙතොලකින් මා වදන්  මිමිණුවත් ... නොබෝ වෙලාවකින්  මා අවට පරිසරය අදුරෙන් වෙළෙන්න ගත්තේ ... මාව සම්පූර්ණයෙන් ම සිහි නොමැති කරමින් ...

.
.
.
.
.
.
.
.

මුහුණට වැදුනු සීතල වතුර බිදු කිහිපයක් මා යළි පියවි සිහියට කැදවද්දී ... මං හිටියේ එළිමහන් මණ්ඩපයේ බිම වැතිරිලා ...

" සහෝ වෙයි ... ඔබට කොහොමද ? ..."

කැළඹුණු සිතුවිලි වලින් මුහුණ පුරවගත්තු ලියාන් මා දෙසට නැවී සිටියෙ අත රැදුනු ජල බදුනක් එක්කම උනා ...

මගේ හිස කැරකැවිල්ලක් විසින් ආක්‍රමණය කර තිබෙද්දී ... මං හිස අතින් අල්ලගෙන ම නැගිටින්න උත්සාහ කළේ ... ලියානුත් ජල බදුන පසෙකින් තබා මට කෙලින් වීමට වාරු දෙද්දී යි ...

" කෝ යුවාන් ? "

මගේ පළවෙනි පැනය එය වෙද්දී ... මෙතෙක් වෙලා මා නුදුටු දසුනක් යුවාන් ව වඩාගෙන මා ළගට ළං වුනා ...

" ඔහු සුවෙන් ඉන්නවා වෙයි ... ඔබට කෙසේ ද දැන් ... ? "

ශිචෙන් අයියණ්ඩි ... අයියණ්ඩි මෙහේ නම් ... මට මට ... උතුමාණන් ව හමුවෙන්න අවස්තාවක් ගන්න පුළුවන් වෙයි ...

මං වහා කතා කිරීම ඇරඹුවෙ ... වේළුනු කටහඩ පාලනය කරගැනීමට උත්සාහ කරමින් මයි ...

" අයියණ්ඩි ... මේ සෙබළු ... ඔවුන්ට වැරදීමක් වෙලා නේද ... මට් ... කැහ් කැහ් .
.. මට උතුමාණන් හමුවෙන්න ඕනේ ... අයියණ්ඩි කරුණාකරලා මාව එතුමා වෙත රැගෙන යන්න ... කැහ් කැහ් ... "

මං වචන පටලවමින්  අයියණ්ඩි ට කන්නලව් කරන්න ගත්තත් ... මගේ තත්ත්වය තව තවත් නරක් කරමින් ශිචෙන් අයියණ්ඩි ගේ මූණ අදුරු වළාවකින් වැසී ගියේ මගේ හදගැස්මේ වේගය තවත් වැඩි කරමින් ...

" අයියණ්ඩි ... කුමක් ද මේ නිහඩතාවයේ තේරුම ?!!!"

අවසානයේ ... ඉවසීමේ කෙළවර මා කෑගසා විමසුවේ ... මණ්ඩපයේ සිටි සියල්ලන් ම තිගස්ස්වමින් ...

අවසානයේ මගේ හඩ හමුවෙ  අයියණ්ඩි කතා කරන්න ගත්තත් ... ඔහුගේ හඩේ සැගවිය නොහැකි පැකිලීමක් ගැබ් වුනා ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now