chapter 16 🔞

507 86 8
                                    

" ඔබ නම් පිස්සුවක් වෙයි !!!  "

ඒ වදන් හාම මං එතුමගේ දෙතොල් ආක්‍රමණය කළේ ... තව එක වදනකටවත් සෙලවෙන්න  බැරි විදිහට  ඒ තොල්වලට මුද්‍රා තියමින්මයි ...

.
.
.
.

" ඔබ හොදටම නරක් වෙලා වෙයි ... ! "

" ඔබ ඉදිරියේ තවුස්දම් පුරන්න කියලද මට කියන්නේ ... !"

හුස්ම ගැනීමට හාදුව  මොහොතකට  නතර කළ ඇසිල්ලේ රජු ඇසූ ප්‍රශ්නයට මා ප්‍රශ්නයකින් ම පිළිතුරු දුන්නේ එතුමාගේ නිල් දෑස් පුදුමය නිසා තවත් දිගෑරෙද්දී ... ඒ ලැබුනු තත්පර තුළ මා රජුගේ දෙතොල් නැවත වහා අල්ලගත්තේ තව දුරටත් කතා කිරීමට මා අකමැති බව ව්‍යංගයෙන් ඔහුට දන්වමින් ...

අවසානයේ ඔහු කතා කරන්නට ගත් උත්සාහය අතෑරලා මගේ දෙතොලෙ රිද්මය අනුගමනය කරන්න ගත්තේ මාව පරිස්සමෙන් සයනය මතට පෙරළගනිමින් ... අවසානයේ ඔහු හාදුව මදකට නතර කරලා ඔහුගේ අත් මගේ දෙපසින් සයනය මතට තදකරගෙන මගේ ඉහළින් බලා සිටියේ ... කලා සිතුවමක් අගය කරන රසිකයෙක්ගේ මුවාවෙන් ...

" එක් පැනයක් වෙයි ... "

" අහන්නකෝ ... "

පැනයක් ඇතැයි දැන් වූ ඔහු මගේ දෑස් වලින් මොහොතකටවත් නොමිදී බලා සිටිද්දී ... මාත් හැකි උපරිම සන්සුන් හඩින් ඔහුට පිළිතුරු දුන්නා ...

" ඇයි අද යිං යිං ඉදිරියේ මා නැවැත්තුවෙ ? "

මුළු කුටියම ඝෝශාකාරී නිහඩතාවයක ගිලී යද්දී මගේ අත් උතුමාණන්ගෙ ගෙල වටා  හරි පරිස්සමෙන් වෙළුණා ...

" දැන් ම නෙවෙයි ... තරහ ගන්න ඉස්සරහට ඔබට ඕනෑ තරම් අවස්ථාවන් ඒවි ... ඉතින් එතෙක් ඔබේ ශක්තිය ඉතුරු කරගෙන තියාගන්න උතුමාණනී ...

මේක පොඩි දෙයක් ... මේ දේදී ඔබ ඔබේ ශක්තිය ඕනෑවට වඩා පෙන්නුවොත් ඔවුන් එය අබිභවා යාමට ක්‍රම ඉක්මනින් සොයාගනිවී ... අවාසිදායක වෙන්නේ අපිටමයි ...

නියම යුද්ධ එනතුරු බලවත් ආයුධ අපි පරිස්සම් කරල තියාගමු ...

ඇරත් අද උනු දේ නිසා අපිට අමතර වාසි කිහිපයක් ම ලැබුනා ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now