Chapter 32

313 67 42
                                    


ජීවිතේ පළවෙනි වතාවට කෙනෙකුට අත දිගඇරලා  කම්මුල් පහරකින් සංග්‍රහ කළා  ...
.
.
.
.
.
.
.
.

Author 's pov ,
( මෙච්චර දවස් කතාව ගියේ wei ying 's pov එකෙන් ... මේ chapter එකේ මුල් ටික යන්නෙ author ගේ ඒකියන්නේ මගේ දෘශ්ඨිකෝණයෙන් ... පැහැදිලි නේ ... 😁 )

යුවාන් ගේ අත ජින් ලින්ගේ අත හා තදින් බැදී තිබුනා ... යුවාන් සැරසිලා හිටියේ ඔහුට තිබුනු හොදම ඇදුම් වලින් ... ඒවගේ ම තමයි ජින් ලින් නුත් ... යුවාන් ගේ වස්ත්‍ර රතු සහ සුදු  පැහැයන්  උසුලද්දී ... ජින් ලින්ගේ වස්ත්‍ර තද කහ පැහැයක් ඉසිලුවා ...

ඔවුන් මේ නොයිවසිල්ලෙන් තක්සිලාවෙ දොරකොඩ අසලට වී බලා සිටිනුයේ , ශෙන් ගුරුතුමාගේ පැමිණීම අපේක්ශාවෙන් ...

අද උදේ වරුව තක්සිලාවෙ සිසුන්ට නිවාඩු දවසක් වුනේ ... ශෙන් ගුරුතුමා රසකැවිලි අමුත්තාව හමුවෙන්න යන නිසාමයි ...

ඒ හේතුකොටගෙන තක්සිලාව අවට වටපිටාව පාළු ස්වභාවයක් උසුලද්දී ... අවට හිටි එකම මනුස්ස ප්‍රාණීන් දෙදෙනා යුවාන් සහ ජින් ලින් පමණක් ම උනා...

" ආහ් මේක නම් හරි ම කරදරයක් ... මේ පොඩි එකා ප්‍රධානියා වෙලා කරන්න පුළුවන් දේවලුයි බැරි දේවලුයි ඔක්කොම මට කියලා කරගන්න හදනවා ... ලුඕ බින්හේ ... ආ ... හිසරදයක් හරි ම හිසරදයක් ... "

සුපුරුදු පරිදි තමාට යම් යම් දෑ මුමුණාගනිමින් ශෙන් චින්ච්‍යු ඇදුරුතුමා ... තම විජිනිපත ද ( අවාන ) අතෙහි දරාගෙන ම තක්සිලා දොරටුවෙන් මතු වුනේ ... මෙතෙක් වෙලා බලා හිද ම හෙම්බත් ව හිදි  පොඩි උන් දෙන්නගේ මුහුණට හිනාවක් නංවමින් ...

" සුබ උදෑසනක් ඇදුරුතුමනි ! ... //"

ශෙන් චින්ච්‍යු දොරටුවෙන් මතුවෙන විට ම එක්වරම ශ්‍රවණය වූ කුඩාවුන් දෙදෙනාගේ කෑගැසීම ඔහුව මදක් තිගැස්සුවත් ... එක්වරම වහා තම භාවයන් මෙන් ම හැසිරීම් වලටත් වැදගත් බවක් ආරෝපණය කරගත් ඔහු වහා තම විජිනිපතද දිග හැරෙගෙන එයින් තම මුව ආවරණය කරගන්න ගමන් ම  ...

" ක් හැම් ... ආ උදෑසනම ඇවිත් ...සුබ උදෑසනක් සුබ උදෑසනක් ... !" යැයි ගාම්භීර හඩකින් තෙපළන්න උනා...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now