Last Chapter

414 73 48
                                    

මුළු කුටිය ම පිරී තිබුනේ පාලක පාලිකාවන්ගේ උද්‍යෝගිමත් සිනාහඩින් වෙද්දි

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

මුළු කුටිය ම පිරී තිබුනේ පාලක පාලිකාවන්ගේ උද්‍යෝගිමත් සිනාහඩින් වෙද්දි ... වසන්තයේ මද නල පවා ඒ උද්‍යෝගිමත්භාවය තව තවත් ඔප් නංවමින් තුරුපත් ලාලිත්‍යවත් රිද්මයකින් සොලවමින් හිටියා ...

"ඔබතුමා බොහෝ කඩවසම් ... එමෙන් ම අතිශයින් ම සුන්දරයි ..."

කැඩපතින් පෙනෙන මගේ ජායාව දෙස බලමින් පාලිකා හන් මිමිණුවෙ කදුළු පිරි දෑසින් ...

මගේ දෙපසින් මා හැඩගන්වමින් සිටි පාලිකාවන් පවා තම රාජකාරි මොහොතකට නතර කරමින් පාලිකා හන්ගේ කතාවට එකග වෙමින් සතුටින් තම හිස් ඉහළ පහළ යවන්න උනේ ... කිංකිණි සිනාහඩවල් වාතලයට මුසු කරමින් ...

ඉතින් ඔව් අද මගේ විවාහය ... එමෙන්ම නව නිළපැවරීමේ උත්සවය ...

...ගුසු දේශයේ තෙවෙනි මහරජු ලන් වංජී උතුමාණන් සහ එතුමාගේ නව අන්තඃපුර යුව රජ ලන් ශියැන් කුමරු ...

මගේ පවුලේ බර කරට ගෙන ... ඔවුන් වෙනුවෙන් මාළිගාවට පැමිණි මාළිගා සේවකයෙක් වූ මා කිසිදිනක නොසිතූ දෙයක් අන්තඃපුර කුමාරයෙකු වීම ... එමෙන්ම ඒ අන්තඃපුර කුමාරයා කිසි සේත් ම නොසිතූ දෙයක් තමයි දේශයේ රජුට පමණක් දෙවෙනි වූ යුව රජු බවට පත් වීම ...

ජීවිතය මොහොතවල් සහ අහඹුතාවලින් පිරී පවතින්නක් ... ඉදින් මට අනුව නම් ඒ ජීවිතය නම්  විසල් අහඹු මොහොතේ  පදනම ' ආදරය ' නම් අකුරු සතරක් ...

ඉදින් ලොව බලවත් ම ආයුධය   'ආදරය ' වන බවට ඔබ මා හා එකග නොවන්නෙහිද ...

මිනිසුන් සිත තුළින් සතුටින් පිරී ඇති විට එය සිහින් මන්දස්මිතයකින් මුහුණින් දිස් වේලූ ...

' සෑම විට ම අනිච්චානුග මන්දස්මිතයකින් වත සරසාගැනුමට අමතක නොකරන්න මගේ පුංචි දගකාරයෝ ! "

Prince Concubine || wangxian [ Completed ]حيث تعيش القصص. اكتشف الآن