Chapter 22

406 78 15
                                    


දීර්ඝ විරාමයකට පෙර හැම දෙයක්ම උණුසුම් සහ දිගුකල් මතක හිටින ලෙස සිදුවෙනවා දකින්නයි  මට ඕනේ උනේ ...

.
.
.
.
.
.
.
.

යුවාන් ව තොටිල්ලෙන් තියලා ආපු මං තත්පරයක් වත් අපතේ හරින්නෙ නැතුව උතුමාණන් ළගට ගියේ ආපහු ඒ උණුහුමේ ගුලිවෙන්න තිබුනු ලෝභකමට ...

මං යනකොට එතුමා හිටියේ සයනයේ ඇන්දට හිස තබාගෙන ලාවට පියවුනු දෑස් වලින් ...

මං එතුමාට බාධා නොවන ලෙස හිමීට අඩි තබමින් ගිහින් සයානයට ගොඩ උනා ... සයනයේ වූ සෙලවීම නිසාදෝ උතුමාණන් දෑස් ඇරලා බැලුවා  ...

ඒ ඇස්  වෙහෙසකාරී වුවත් ආදරෙන් පිරිලා තිබුනා ... එතුමාගේ උණුසුම් ශක්තිමත් දෑත් මාව එතුමා වෙතට තෙරපගත්තේ ... මාත් එතුමා ගේ පපුවට නැවතත් මගේ හිස ඔබා ගනිද්දිමයි ... මං ලොකු හුස්මක් ඇදලා ගත්තා ... සදුන් සුවදත් එක්ක මුහු වුනු ශක්තිමත් පිරිමි සුවද මගේ නාස් පුඩු ඉදන් පෙණහැලි වෙනකම්ම පැතිරිලා යද්දී ... මං ආයේ ආයේ ඒ ඇබ්බැහි වන සුළු ගන්ධයේ ගිලෙන්න ගත්තා ...

" වෙයි යින්ග් ... "

" ම්ම්ම්ම්ම් "

" මොකද කරන්නේ ඔය ?! "

" හුස්ම ගන්නවා ... "

මං එතුමා ගේ පපුවෙන් අකමැත්තෙන් ඈත්කරගත්තු හිස ඉහළට ඔසවමින් එතුමා ට උත්තර බැන්දා ...

මං ආසම හිනාව  ... මෘදු සිහින් සිනාව ... එතුමගේ මූණේ හරි අපූරුවට තැවරිලා තිබුනේ ... මගේ ඇස්වලට කදුළු ගලා එද්දීමයි ...

" ඇයි මේ රත්තරං ... ? "  මගේ කදුළු නිසා කලබල උනු එතුමා විමසුවෙ .... ඒ කදුළු පිසදමමින් මයි ...

" යන්න එපා කියන්න මට බෑනේ ... අපි වෙනුවෙන් යනකොට ... එන්නද කියලා අහලා රණ්ඩු කරන්නත් බෑ ... යුවාන් තනි කරන්නේ කොහොමද ... මට බයයි .... ඒත් එනකං නිර්භීත ව ඉන්නම් මං ... " මගේ හඩ බිදුනේ මටත් නොදැනීම වෙද්දී එතුමා ආපහු මාව පපුවට තුරුලු කරගත්තා ... මගේ කදුළු එතුමගේ ඇදුම් වල පැල්ලම් ඇති කරද්දී  ... එතුමා හරි පරිස්සමෙන් මගේ හිස පිරිමැද්දා ...

" මගේ වෙයි ... මා ඔබේ කැමති ම ගුණාංගය මෙයයි ... ඔබ විචක්ෂණශීලී අයුරින් තැනට සුදුසු ලෙස වැඩකරනවා ... මොන වෙලාවකදි උනත් ... බය නෑ මට ,   මං නැති කාලේ මාළිගාවයි යුවාන් ව ඔබට භාර දීල යන්න ... එකම දුක තියෙන්නේ ඔබෙන් ටික කාලෙකට වෙන් වෙන්න වෙන එක ... "

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now