Chapter 3

625 91 38
                                    


ගුසු රාජධානිය තුළ සමලිංගික විවාහ විශම ලිංගික විවාහ තරමට ම සාමාන්‍ය දෙයක් උනා ... එමෙන්ම රාජධානියේ පෙර සිටි රජවරු බොහෝ දෙනෙකුගේ අන්තඃපුරයන්හි , අන්තඃපුර කුමාරවරු සිටීම සාමාන්‍ය දෙයක් උනා ...

රාජ්‍යයේ බලවත්ම පුද්ගලයා හැමවිටම රජු උනා වගේම ... ඔහුගේ සතුට හැමදේකටටමත් වඩා වැඩි වැදගත් කමකින් යුතු උනා ...

ඉතින් මං වගේ සාමාන්‍ය සේවකයෙක් අන්තඃපුර කුමාරයෙක් විදිහට රජුව විවාහ  කර ගැනීම අතිශයින්ම  සාමාන්‍ය දෙයක් උනා ... ඒක හරියට සමහර රජවරු සේවිකාවන් සමග පෙමින් බැදී විවාහ වනවා වගේ දෙයක් උනා ...

ඉතින් හැමෝටම මේක සාමාන්‍ය දෙයක් ... ඒත් ඒක මට එහෙම උනේ නම් නෑ ...

මං ඇදගෙන හිටියේ අහස් නිල්පාට ඇදුමක් ... හන් පාලිකාව ප්‍රධානකොට වූ පාලිකාවන් කිහිපදෙනෙකු හා තවත් පරිවාරයේ කිහිප දෙනෙකු එකතු වී මාව ගෙන ගියේ අන්තඃපුරයේ දැනට සිටින ජේෂ්‍යඨතම උපබිසව වන රාජකීය උපබිසෝ ලුශී වෙත ...

විවාහ උත්සවයකින් රජු සමග විවාහ වෙන්න වරම් ලබන්නේ අග බිසව පමණක්ම උනා ... ඉතින් අන්තඃපුරයේ සෙසු හැමෝම විවාහයට අදාළ සම්ප්‍රදායන් ඉටු කළේ අගබිසවගේ ප්‍රධානත්වය සහිතව උනත් මෙවර එසේ කිරීමේ ගැටලුව හේතුවෙනුයි මාව උපබිසෝ ලුශී වෙත යොමු කළේ ...

අන්තඃපුර කුමාරයෙක් විදිහට මට අයිති උනේ අන්තඃපුරයේ පහළම ස්තානය ... අන්තඃපුර කුමාරයෙකුට කිසිම විදිහකින් අගබිසවක් හෝ රාජකීය නම්බුනාමයක් දැරිය නොහැකි උනේ ඔවුන් ට අන්තඃපුරයක ප්‍රධාන රාජකාරිය වන දරුවන් බිහි කිරීම කළ නොහැකි වූ බැවින් ... ඉතින් ඔවුන්ට හිමි වුනු එකම තැන වරප්‍රසාද ලත් උපබිසෝවරුන්ටත් පහළ තත්ත්වය වූ වරප්‍රසාද ලත් අන්තඃපුර කුමාර යන තනතුර විතරක්ම උනා ... හොදයි මං අමුවෙන්ම කිව්වොත් බොහෝ වෙලාවට අන්තඃපුර කුමාරයෙකුට සිදු උනේ රජුගේ ළිංගික අවශ්‍යතාවයන් සපිරීම ... ප්‍රේමය මත අන්තඃපුරයට එකතු වූ කුමාරවරු ඉතාම අල්ප වූ අතරෙම එහෙම නොමැති සුළු පිරිසක් පමණක් මේ හේතු දෙකටම අදාළ නැති වෙනත් අමතර හේතුවකට පිරිමියෙක් ලෙස තවත් පිරිමියෙකු හා විවාහ උනා ... හරියටම මේ මං වගේ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now