chapter 13

435 96 22
                                    

" ටිකක් ඔලුව රිදෙනවා ... ඒක නෙවෙයි මේ අපී ඉන්නේ කොහෙද ? "

" ඔබේ අලුත් කුටියේ ... ඔබෙයි මගෙයි යුවාන්ගෙයි "

" හහ් ... "

මේ තියෙන්නේ මගේ සිරියහන් ගබඩාව වෙයි ... අද ඉදන් ඔබ ඉන්නේ මෙහේ ... මා එක්ක  !!! "

.
.
.
.
.
.
.
.
.

උතුමාණන්ගේ මැදුර කියන්නේ රාජ සභා ගොඩනැගිල්ලට පමණක් දෙවෙනි උනු විශාලත්වයකට උරුමකම් කියූ මෙන් ම මාළිගාවේ අන් සෑම ගොඩනැගිල්ලටකටම වඩා සුන්දර වූ මෙන් ම වඩාත් ම සැපපහසු ස්ථානය යන ගෞරවය හිමි කරගෙන සිටි තැනක් උනා ...

ගුසු දේශයේ අන්තඃපුර ඉතිහාසයට අනුව පෙර සිටි රජවරු කිහිපදෙනෙකු  අන්තඃපුරයේ තම ප්‍රියතම බිසව තම කුටිය තුළ ම තබා ගැනීමට කටයුතු කළ අවස්ථා කිහිපයක් පැවතියත් ... එවන් වූ අවස්ථාවන්  අතිශයින් ම දුර්ලභ උනා ...

ඉතින් මෙය දුර්ලභ උනත් එක අතකින් මදක් සාධාරණිකරණය කළ හැකි තීරණයක් උනා ... කෙසේ වුවත් නීතිය යනු රජුයි ... ඉතින් රජුගේ පැතුම බොහෝවිට නීතිය උනා ...

මං අපහසුවෙන් හිස ඔසවන්න උත්සාහ කළා ... උතුමාණන් වහා මගේ පිටට වාරු දෙමින් මට ඔළුව කෙලින් කරගෙන ඇදේ විට්ටමට පිට තබා සිටිය හැකි පරිදි මාව සකස් කළා ... මගේ හිස වෙළුම් පටිවලින් වෙලී තිබුනා ... හිස පෙට්ටගමේ වැදුනු ස්ථානය අසල තවමත් රිදුම් දුන් නිසා හිස මදක් කැරකිලි ස්වභාවයක් ගත්ත නිසා මං  ලාවට හිසත් ඇදේ විට්ටමට ම හේත්තු කරගෙන ම මගේ පැනයන් උතුමාණන්ට යොමුකළා ...

" එතකොට යිං යිං බිසව ... ?"

" ඇයට මා දඩුවම් කරා ... අන්තඃපුරයේ ඇය සතුව තිබූනු බලතල කිහිපයක් ඇගෙන් ඉවත්කර උපබිසෝ ලුශී ට පැවරුවා ... "

එතුමා වරදකාරී බව මුසු වුන කටහඩකින් එසේ පිළිතුරු දෙද්දී ... එතුමගේ දෑස් මගේ දෑස් මගඇරියා ...

මට තේරෙනව ... එතුමට දුක ඇති ඊට වඩා දැඩි දඩුවමක් ඇයට දෙන්න බැරි වුනු එක ගැන ... ඒත් මං බොළද මෝඩයෙක් නෙවෙයි එතුමා එක්ක තරහ ගන්න ... රජු නීතිය උනාට ... රාජ්‍යය වටා බැදුනු සම්ප්‍රදායන් සහ ප්‍රභූන්ගේ බලතල නිසා නීතිය සමග බැදුනු බලයන්ට ඇතැම් අවස්ථාවන්හිදී පසුබැසීමට සිදුවන අවස්ථා එමටයි ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now