Chapter 26

384 70 18
                                    

ඉදින් ඔවු ... දෙනෝදාහක් ජන කාය මැද ... ගුසු දේශයේ මහරජු ... තම අන්තඃපුර කුමාරයාව සරාගී ලෙස සිපගනිමින් ... තම ජය නිවැරැදි අයුරින් ම තහවුරු කළේ ...

ජනතාවගේ දෑතින් ගිලිහෙන මල් පෙති හා ලයාන්විත වාදන සංධ්වනියක් මධ්‍යයේ ම වීම සුන්දර දසුන් මවාපෑමට  ඉඩ පෑදූවා  ...

.
.
.
.
.
.
.
.

" මා දැන සිටියා කාටවත් ඔබව මරන්න බෑ කියලා ...  "

සරාගී හාදුවක් අවසන උතුමාණන් පැවසුවේ තවමත් ඈත් නොකරගත් දෙතොල් මගේ දෙතොල්වලට ගෑවෙන නොගෑවෙන මට්ටමක පවත්වාගනිමින් ...

මං උන්නෙ ලැජ්ජාවෙන් රතු වෙලා ... මෙච්චර පිරිසක් ඉදිරිපිට මෙසේ සිපගැනීම මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ දෙයක් උනා ...

" මොකක්ද ඒ මරන කතාව "

මං ඇහුවෙ කුතුහලයෙන් ...

" ඔවුන් කිව්වා ඔබ මියගියා කියලා ... මාළිගාවට කොල්ලකරුවන් ආ වෙලාවේ වෙන් නින් ඔබවත් යුවාන් වත් යුන්මෙන් යැව්වත් ... කොල්ලකරුවන් නැවත පලාගිය විට  ඔබ සොයන්න යුන්මෙන් ගිය වෙන් නින් ට කිසිදු ආරංචියක් දැන ගැනීමට නොහැකි වෙලා තියනවා ...

ඉතින් ඔවුන්ගේ අවසාන නිගමනය උනේ ඔබට අනතුරක් වී ඔබ මිය ගිය බව ... "

උතුමාණන් ගේ කටහඩ කෝපයෙන් පිරී තිබුනෙ මාවත් යන්තමින් බිය වද්දමින් ...

එතුමා නැවතත් කතා කරන්න ගත්තා ...

" ඔබ මේ වෙලාවෙ මෙතනට නාව නම් ... තවත් යුද්ධයක් මාළිගාවෙ ඇවිලෙන්න තිබුනා ... මා විසින් මුළු මාළිගාව ම සමූල ඝාතනය කරන්නයි හිටියේ ... ඔබව බලා  නොගත්තාට ... මට ඔබව අහිමි කළාට ...

"

ඔහුගේ හඩ කෝපය නිසා ම වෙව්ලද්දී ... ඒ ඇස් වල ලා ගිනිපුපුරු කිහිපයක ජායාවක් නැගී ආවා ...

මං වහා මගේ නිදහස් අත උතුමාණන් ගේ කම්මුලක් මත තබමින් හෙමීට පිරිමදින්න ගත්තේ ඔහුව සෙමින් සෙමින් සන්සුන් කරමින් ...

" එසේ නම් ඒ නිසයි යුද්ධය දිනුවත් මේ මූණෙ හිනාවක් නොතිබුනේ ...

මේ අහන්න ලන් ජාන් ... මම වෙයි යින්ග් ... නිකං ම නිකං වෙයි යින්ග් නෙවෙයි ... ලන් වංජි රජුගේ අන්තඃපුර කුමාරයා වෙයි වුක්ශියෑන් ... ගුසු වල අනාගත කිරුළේ භාරකරු ... ( යුවාන් ගේ භාරකාරයා කියලා කියන්නෙ හොදෙ 😉 )

Prince Concubine || wangxian [ Completed ]Tempat cerita menjadi hidup. Temukan sekarang