Chapter 33

360 75 16
                                    


මගේ දෑත එතුමාගේ කම්මුල් සිපගන්නව වෙනුවට මගේ දෙතොල් එතුමගේ දෙතොල් ආක්‍රමණය කර තිබුනේ සිපුමකින් ඒවා මුද්‍රා තබමින් වීම එතුමා එක තැන මුල් අද්දවන්න සමත් වී තිබුනා  ...

.
.
.
.
.
.
.
.
.

" අපි අතර දේවල් ඉවරයි  ... ඔහේ එන්න කලින් මං විවාහ ගිවිසගත්තා ... මේ මගේ විධිමත් සමුගැනීම  ... දැන් ආපු දිහාවකට යන එකයි ඇත්තේ ... "

තත්පර දෙකකට වඩා දිගු නොවූ හාදුව අවසානයේ මං එතුමාගේ මූණට එබෙමින් මුරගෑවේ ... මගේ දෑස් උද්දච්ච හැගීම් වලින් පුරවගෙන මයි ...

" වෙයි වුක්ශියෑන් .... මොනවද මේ කියවන්නේ ... ? "

එකදිගට විරාමයක් නොමැති ව සිදු වූ දෑ එක්ක මදක් අන්දමන්ද වී සිටි උතුමාණන් ... මගේ වදන් හමුවෙ ඇති වූ කම්පනය දරා ගනු ලැබුවේ මා වෙත කඩාපනිමින් වෙද්දී ... මාත් මගේ මුව මදක් හෝ නොසොල්වාම ...

" ඇයි එදා නියෝග කරලා තිබ්බේ සදහටම මාළිගාවෙන් පිට කරනවා කියලා ... ඉතින් අන්න එදා ම අපේ සම්බන්දෙත් නතර උනා එහෙම නේ ... දැන් මං විවාහ බන්දනයෙන් නිදහස් මිනිහෙක් ... ඉතින් නැවත විවාහයක් කරගන්න මට අවසර තියනවනේ ... මං ...  "

මට කියන්න උනේ එච්චරයි ... එක්වරම මගේ අතෙ මැණික්කටුවෙන් තද කරලා අල්ලගත්තු රජතුමා ... කෝපයෙන් ගිනි ගෙන දැවෙන දෑසක් සමග ම මාව පැලපතෙන්  එළියට ඇදගෙන යන්න උනේ ... එක්වරම සිදු වූ දෑ මගෙ මොළයටත් වැටහීමට පෙර ම වෙද්දී ... මාත් ඔහේ එතුමා පස්සෙම ඇදිලා යන්න ගියා ...

මග දුරක් යනකොට යළි පියවි සිහියට ආපු මම කෝපයෙන් බෙරිහන් දෙමින් ... මගේ අත ගලවගන්න , අත අඹරමින් දගලන්න ගත්තත් ... එතුමා නොවේ එතුමා ගේ ග්‍රහණය මදක් හෝ ලිහිල් කළේ ...

" අතෑරපං මාව අතෑරපං ... මොන මගුලක් ද මේ කරන්න හදන්නෙ ... "

" මගුලක් ... ඔව් දැන් තොට ඒක විතරයි අඩු ... "

මාව ඇදගෙන යන අතරෙ ම කෝපයෙන් ගුගුරපු එතුමා මට තවත් රිදෙන ලෙස මගේ හස්තය තදින් මිරිකමින් ම මාව ඇදගෙන යන්න උනා ...

ඉතින් මාත් එතුමා ගේ ක්‍රියාවට බාධා කරනු වස් එතුමාව විරුද්ධ දිශාවට අදිමින් කෑගසන්න උනේ බෙරිහන් හඩකින් ...

Prince Concubine || wangxian [ Completed ]Donde viven las historias. Descúbrelo ahora