Chapter 21

376 80 7
                                    


" ලන් ජාන් ... මං ඔබට ... ආහ් ... ආදරෙයි ... මගේ ලන් ජාන් ... ආහ් ... ස්ස්ස්ස්  "

.
.
.
.
.
.
.
.
.
.

දින සති මාස බවට පත් වුනේ හරිම වේගයෙන් ...

ඒ අතරේ අපි යුවාන් බලාගන්න එක මාළිගාවෙ වැඩ කටයුතු සහ සටන් පුහුණු වීම් එක්ක කාර්‍යබහුල වෙලා තිබුනා ... ඒ අතරෙ දිනපතා මගනොහරින ආල රංගනයන්ද සමගින් ... අපේ ජීවිත සාමකාමී ව ගලා ගියා ...

යිං යිං බිසවත් පහුගිය කාලයේ බොහෝ නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම අපේ සාමකාමී දිවිපෙවෙතට රුකුලක් වෙද්දී ... කුණාටුවකට පෙර මුහුද කොහොමටත් ශාන්ත බව අපි සැමටම කෙමෙන් කෙමෙන් අමතක වේගෙන ගියා ...

යුවාන්ට මාස හයක් පිරෙනකොට ඔහු කිරි පමණක්  පානය කරන එකෙන් මුදවලා සැහැල්ලු ආහාරවලට කෙමෙන් කෙමෙන් ඔහුව හුරු කරනු ලැබුවා ...

ඒ එක්කම මගේ සටන් කල දැනුමත් දිනෙන් දින දියුණුවට පත් ව තිබුනේ ... උතුමාණන් දවසින් දවස වඩ වඩාත්  තුටු කරමින් ...

" අසිපත් හරඹ  කුසලතා ඔබේ ඇගේ ම තියනවා වෙයි ... ඒනිසයි ඔබ මෙතරම් ඉක්මනින් හැම දෙයක් ම අල්ලගන්නේ ... "

උද්දාමය මුසු වූ හඩින් තෙපළූ එතුමා මගේ බද වටා අත්පටලගෙන මගේ නළල් තල සිපගත්තේ ... එතුමා ගෙ සතුට කෙතරම් ද යන්න මටත් අගවමින් ...

යුවාන් ට මාස හතක් පිරෙනකොට මෙතෙක් කාලයක් දණගාමින් සිටි ඔහු ටික ටික හිස ඔසවන්න වෙහෙසුනා ... මාස හතහමාරක් පමණ ගත වෙනකොට ඔහු මගේ සහ උතුමාණන්ගේ වාරුවෙන අපහසුවෙන් පාද තියල ඇවිදින්න ගත්තේ පාලක පාලිකාවන්ගේ අත්පොළසන් නද මැද්දේ ...

ලන් ශිචෙන් කුමරු , යුවාන් ගේ පළමු ඇවිදීමට ත්‍යාගයක් ලෙස ඔහුට අගනා පාවහන් යුවළක් තෑගී කළේ ...

" මට ඔබ ගැන ආඩම්බරයි මගේ කොල්ලෝ ... " යැයි ඔහුව පසසමින් ... යුවාන් නුත් තම සිත් වශීකරවන සුළු සිනහව ඔහු වෙත පිළිගැන්වුයේ කිසිදු පැකිලීමකින් තොරවම යි ...

ගත වුනු කාලය ඇතුළත සිදුවුනු තවත් වැදගත් සිදුවීමක් උනේ මාළිගාවෙ පාලක පාලිකාවන් සේවක සේවිකාවන් වගේ මාළිගාවෙ තිබෙන පහත් නිලතල දරපු පිරිස් මා වටා එක් රොක් වීමයි ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now