Chapter 27

356 75 18
                                    


එහෙත් රමණයක් මෙහෙත් රමණයක් ... රමණයකින් පටන්ගෙන මරණයකින් කෙළවර වෙන්න ආසන්න ... සම්මත රාමු බිදපු හිත් හිරිවට්ටන රමණයකට ... ගුසු හුළග සාක්ශි දරන්න සැදී පැහැදුනා ...

.
.
.
.
.
.
.
.
.
.

උතුමාණන් මාව පරිස්සමෙන් සයනයෙන් හාන්සිකරවලා මගේ ඇග උඩට ඇවිත් මා දිහා ඇහිපිය නොහෙලා බලාඉන්න ගත්තා ... ටික වෙලවකින් ඒ මත්වෙනසුළු බැල්ම දරාඉන්න බැරි මං හෙමීට මගේ කටහඩ අවධි කරා ...

" උතුමාණනී !"

" ම්ම්ම් ... "

" ඇයි බලාඉන්නේ .... "

ඒ ඇසිල්ලේම උතුමාණන්ගේ දෑස් සුන්දර සිනහවකින් ඔපවත් උනා ...

" බලා ඉන්නේ ද ...

මේ අහිංසක මූණ ... මේ සිනිදු කම්මුල් ... අඩලෙට මත් වුනු ළාමක දෙතොල් ... හැමදේකට ම වඩා ,  දකින ඕනම  කෙනෙක් පිස්සුවට්ටන තරම් ලස්සන ... ඒත් මට විතරක් ම අයිති පිරිසිදු ඇස් ...

උඹේ ඉස්සරහ තවුසන්ගේ සිල් බිදෙද්දි ... රණකාමීන්ට සිල් ගන්න හිතෙනවා වෙයි ... !"

උතුමාණන් ගේ කටහඩ හදවත කිතිකවන තරම් සිනිදු වෙද්දී ... ඒ වදන් අහපු මං කළේ හිමීට සයනයෙන් ඉස්සිලා එතුමා ගේ නළල් තලයට හාදුවක් පිරිනැමීම ...

එතුමාගෙ ඇස් ... හාදුවේ සනීපෙට වගේ හෙමින් හෙමින් පියවුනත් ... මෙතෙක් වෙලා ඇස් අරක්ගෙන තිබුනු එතුමගේ හිනාව මේවෙනකොට එතුමගේ  දෙතොල්වලට හුවමාරු වෙලා තිබුනා...

" මං පාළුවෙ හිටියේ ... "

එතුමා ආවට පස්සේ පළවෙනි වතාවට මං පහුගිය කාලෙ ගැන කතා කරන්න ගත්තා ...

එතුමා කෙලින් වෙලා එරමිණියා ගොතාගෙන සයනයෙන් ඉදගත්තේ මාත් නැගිටලා ගිහින් එතුමාට අපහසුවක් නොවන විදිහට එතුමගේ බද දෙපැත්තෙන් කකුල් යවල එතුමාගේ උකුල උඩ හිදගනිද්දී ....

" මට වැටහෙනවා වෙයි ... කමාකරන්න මට ... "

" ශ් ශ් අමතක ද  අපේ පොරොන්දුව ... සමාව ඉල්ලනේ නෑ අපි කවදාවත් ... "

මගේ වදන් එක්ක මෙතෙක් වෙලා එතුමාගේ මුහුණේ රැදුනු සිනහව අතුරුදන් වෙලා සමාව ඉල්ලන ස්වරූපයක් ආරූඪ වෙද්දී ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now