Chapter 31

290 77 32
                                    


තලතුනා මිනිහෙක් වගෙ උගුර පාදපු යුවාන් මිහිරි හඩකි ගායනාකරන්න ගත්තා ...

.
.
.
.
.
.
.

" පපා ගුරුතුමා කිව්වා හෙට රසකැවිලි අමුත්තා එනවා කියලා ... "

හැන් දූපතේ රසකැවිලි අමුත්තා ... අපි දූපතට ඇවිත් වසරකට පමණ පසු දූපත හා බැදුනු චරිතයක් උනා ...

රසකැවිලි අමුත්තා යන අන්වර්ථ නාමය දැරුවත් , ඇත්තෙන් ම ඔහු බින්හේ ප්‍රධානීතුමාගේ මාළිගා අධීක්ෂණ නිළදාරියා උනා ...

මේ රසකැවිලි අමුත්තව පියවි ඇසින් දැක තිබුනේ දූපත් වැසියන්ගෙන් දෙදෙනෙකු පමණයි ... එනම් ලූඕ බින්හේ ප්‍රධානීතුමාත් , ශෙන් චින්ච්‍යු ඇදුරුතුමාත් ...

ඉතින් රසකැවිලි අමුත්තා දූපතේ බාල මහලු වැඩිහිටි සැමටම අමුත්තෙකු උනා ...

රසකැවිලි අමුත්තට ඒ නම පටබැදෙන්න හේතු බූත වුනු කාරණාව උනේ ... ඔහු මාසයකට සැරයක් දූපත වෙත එන අධීක්ෂණය චාරිකාවේ දී දූපතේ සෑම පුද්ගලයෙකු ටම ඇති වන තරමේ විශාල රසකැවිලි තොගයක් ගෙන ඒම ...

ඔහු ගෙනෙන රසකැවිලි මල්ල බින්හේ ප්‍රධානීතුමාගේ මාර්ගයෙන් ශෙන් ගුරුතුමා විසින් දූපත් වාසීන් අතරේ බෙදා දීම වසර දෙකකට ආසන්න කාලයක සිට හැන් දූපතේ සම්ප්‍රදායක් වෙලා තිබුනා ...

වහලුන්ට රසකැවිලි මල්ලක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට  නිධානයක් තරම් වටින දෙයක් වෙද්දී ... මේ රසකැවිලි අමුත්තා හැන් දූපතේ සැමගේ ම සිත් දිනාගත් ගුප්ත චරිතයක් උනා වගේ ම ... ඔහුගේ රසකැවිල්ලක රස බලනවා වගේ ම , ඔහුගේ මුහුණ එක්වරක් හෝ දැකගැනීමට ලැබීම දූපතේ වැසියන් සැලකුවේ ඔවුන්ගේ වාසනාවක් ලෙසයි ...

නමුත් තවමත් කිසිවෙකු ඒ මහගු වාසනාව දිනාගන්න අසමත් වෙලා තිබුනා ...

ඉතින් රසකැවිලි අමුත්තා එන පුවත යුවාන් විසින් පැවසීමත් එක්ක  එදා රාත්‍රී කෑම මේසය නව උද්‍යෝගයකින් වෙළෙන්න ගත්තා ...

දූපතට ආ දා සිටම අපේ පැලපත් තුනේ ම සාමාජිකයෝ ශිජියේ ගේ පැලපතට වී ආහාර ගැනීම සිරිතක් උනා ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now