chapter 12

505 105 24
                                    

" ඒ ගොල්ලෝ ඒ ගොල්ලෝ ඔහුව අරගෙන ගියා ... එපා කියලා දරුව අඩද්දී.... අර යක්ශනී යිං යිං ...යුවාන් කුමාරයව අරං ගියා ... "

.
.
.
.
.
.
.
.
.

මං අපේ කුටිය වෙත දිව්ව නෙවෙයි ඉගිලුනා කිව්වොත් හරි ... කුටියේ දොර හාස් ගාලා ඇරලා දාලා තියෙද්දී  ... පාලක වෙන් නින්  ඇතුළු යුවාන් ගේ පරිවාර පිරිස කදුළු පිරි මුහුණින් කුටිය ඉදිරිපිට නොසන්සුන් ලෙස එහෙ මෙහෙ යමින් හිටියා ...

විවාහ වෙලා ගෙවුනු සති දෙකකට ආසන්න කාලය මගේ වගේ ම යුවාන් ගේ පරිවාරයත් මගෙයි යුවාන් ගෙයි පවුලේ අය තරමටම අපි දෙන්නට ළං වෙලා හිටියා ...

" අන්තඃපුරේ අනිත් අය වගේ නෙවෙයි ... ඔබතුමා හරි හොදයි ... "

" ඔව් ... අපි ඉස්සර අන්තඃපුරේ බිසෝවරු ළග වැඩ කරන කාලවල අපි දිවිනසාගන්න තරම් හිතිලා තියනවා ... එච්චරට ඒ බිසෝවරු බහුතරයක් හරී නපුරුයි ... පොඩි වැරදිවලටත් අපිට කස පහර දෙන්න ඔවුන් නම් පොඩ්ඩක් වත් පසුබට වෙන්නේ නෑ ... "

" ටිකක් හරි හොද කෙනෙකුට ඉන්නේ උපබිසෝ ලුශී විතරයි ... ඇය ඉතින් කොහොමත් නිහඩව පාඩුවේ ඉන්න කෙනානේ ... "

" අම්මෝ ඒකට උපබිසෝ යිං යිං ... අපි ඇය දිහා බැලුවත් ඇති අපේ වැරැද්දක් ඇය කොහොමහරි  හොයාගෙන  දඩුවම් කරනවා ... "

විවාහයෙන් පසු නොබෝ  දිනකින්ම මා සමග  කුළුපග උනු පරිවාරේ පිරිස් විවේකී වෙලාවට මා එක්ක ඕපදූප දොඩන්න පුරුදු වෙලා තිබුනා ...මාත් බොහො වෙලාවට හවස තේපානය කරන වෙලාවට ඔවුන්ව මගේ සමාගමයට එකතු කරගත්තේ රසවත් රසකැවිලි වලින් ඔවුන්ට සංග්‍රහ කරමින් ... මාත් සේවකයෙක් වෙලා හිටි කාලේ රජ පවුලෙ අය ගන්න ආහාර පාන වලට කොච්චර ආසාවෙන් ද හිටියේ කියලා මට හොදින් මතක තිබුන ... ඉතින් මේ හැමෝමත් මං වගේ ම ඒවට ගොඩාක් ආස කරන බව කවුරුවත් මට අමුතුවෙන් කියන්න ඕනේ උනෙ නෑ ...

ඉතින් ඒ වෙලාවල්වලදී තමයි මාත් අන්තඃපුරය ගැන ගොඩාක් දේවල් දැනගත්තේ ... වගේ ම උතුමාණන් මාව මගඇරපු කාලසීමාවෙ දී මගේ කාන්සිය මකා ගත්තෙත් ...

මේ මොහොතේ  වෙලා තියන දේ නිසා මං වගේ ම ඔවුනුත් මානසික ආතතිය හේතු කොටගෙන කුටිය ඉදිරිපිට එහාට මෙහාට ඇවිදිමින් හිටියා  ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now