chapter 1

574 89 28
                                    

" වෙයි යින්ග් .... " සේවකයින් භාර පාලිකාතුමී චෝයීගේ බෙරිහන් දීමත් එක්ක  මං නැවතත් පියවි ලෝකෙට ආවේ " පාලිකාතුමියනී ... " යැයි හඩ නගමින් ඇය වෙත දිව යන ගමන් ...

" අංගනයේ ඉතිරිය පිරිසිදු කිරීම මියැන් මියැන් ට ඉතිරි කරන්න ... ඔබ එන්න මා එක්ක කිරුළ හිමි කුමරු ගේ කුටිය පිරිසිදු කරන්න තියනවා ... " එහෙම කියපු ඇය ඇගේ සරස් සරස් ගාන විශාල ඇදුම එක අතකින් ඔසවගෙන පඩිපෙළ නැගලා කුමරුගේ කුටිය වෙත පා තැබුවේ ,  මං ඇයගේ පසුපසින් යටහත්  පහත්ව හිසත් කොන්දත් නවාගෙන අඩිය ඉක්මන කරමින් ඇයව අනුගමනය කරන්නට වූ විටයි .

තාමත් කුමාරයා හිටියේ හෙම්බත් උනු හඩකින් හීනියට හඩන ගමන්

" අසරණ දරුවා ... බිසව මියගිය දවසේ ඉදන් එක කිරි උගුරක් කටේ තිව්වෙ නෑ ...  මෙහෙම ගියොත් අසනීප වෙලයි නවතින්නේ ... අනේ ඉතින් සිද්ධවුනු දේක හැටි ... "

මාළිගාවේ සැම දෙනම පාහේ මේ දිනවල පවසන දුක් ගැනවිල්ල , පාලිකා චෝයී නුත් ඇයගේ විදිහට මුමුණද්දී , මං ඔහේ කරබාගෙනම ඇය පිටුපසින් ගමන් කළා .

අපි කුමරුගේ කුටියට ඇතුළු වෙන විටත් එහි  හිටියේ කනිශ්ඨ පාලිකාවන් දෙදෙනෙක් පමණයි .

" ඔබ දෙදෙනගෙන් එක අයෙක් නැවතත් ගිහින් කුමරුට කිරි එකක් හදාගෙන එන්න ... කලින් කිරි එක දැනටමත් ඕනැවට වඩා නිවිලා ඇති ... අනිත් කෙනා කුමරු ළග ඉදන් තනි රකින්න ... මං මේ සේවකයාව මෙහි තබා යනව , ඔහු රාජකාරිය අවසන් කර මෙහෙන් පිට වේවී ... මහරජතුමා මාව කැදෙව්වා ... මං ඉක්මනින් යා යුතුයි ... "

මෙසේ පැවසූ චෝයී පාලිකාව නැවතත් ඉක්මන් ගමනින් කුටියෙන් පිටතට ගියේ මාවත් පාලිකාවත් හඩමින් සිටි කුමරුවත්  කුටියේ තනිකරමින් ...

චෝයී පාලිකාව පිටව ගිය වහාම , මා සමග ඉතිරි වූ කනිෂ්ඨ පාලිකාව අසල තිබූ පුටුවක හිදගත්තේ මා එහි සිටි බවට වගක්වත් නැතුව ... ඒක කොහොමත් සාමාන්‍ය දෙයක් උනා . මොකද සේවකයන් ඉන්නේ පාලිකාවන්ට වඩා පහත් මට්ටමක ... ඉතින් ඔවුන් ගොඩාක් වෙලාවට කළේ අපි වගේ සේවකයන්ව නොසලකා හරින එකයි ...

මං මගේ රාජකාරිය පටන්ගත්තා ... හෝරා භාගයක් පමණ කුමරුගේ හැඩුම් හඩ හැරුණු කොට නිහඩ වූ කාමරය තුළ කිසිදු හැලහොල්මනක් නැතිව ගෙවී ගියා . මමත් පිරිසිදු කිරීමෙ කටයුතු වල අවසන් අදියරයට ළගාවෙමිනුයි හිටියේ ... සියල්ල අවසන් කර මා කුටියෙන් පිටව යන්නට පෙර ඒ බව දැනුම් දීමට පාලිකාව වෙත ගමන් කළා . නමුත් ඒවනවිටත් ඇය පුටුව මතම තද නින්දේ  පසුවුනේ කුමරුගේ හැඩීම මදකට හෝ ඇගෙ නින්දට බාධා කරනොගනිමින් ...

Prince Concubine || wangxian [ Completed ]Donde viven las historias. Descúbrelo ahora