chapter 4

516 107 61
                                    

" උතුමාණනී ...!!! "

කුටියේ ඉදිරිපස දොරින් රජතුමා මතුවෙද්දී කරන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව ගල් ගැහුනු මගේ කටින් එවදන් පිටවුනේ නිරායාසයෙන්මයි .

" ක්හැම් ... "

එතුමා මදක් උගුර පාදලා එහෙම්ම යුවාන් කුමරු නිදාගෙන හිටපු තොටිල්ල ළගට ළං වුනේ පොළොවටත් නොදැනෙන තරම් හෙමීට අඩිය තියමින් ...

" කොයිවෙලාවෙද නින්ද ගියේ "

" දැන් හෝරා භාගෙකට විතර කලින් උතුමාණනී ... "

" කිරි බිව්වද ... "

" එහෙමයි උතුමාණනී ... "

" හ්ම්ම් ... "

අවසානයේ එතුමා හෙමීට තමන්ගෙ එක අතකින්  කුමාරයගේ මූණට වැටිලා තිබ්බ කෙස් කැබැල්ලක් හෙමීට අයින් කරා ...

" ඔහුට තියෙන්නේ මවගේ මූණ ... "

එතුමා කුමරුගේ මූණ දිහා බලාගෙන ම හෙමීට මුමුණද්දී ...

" පියාගේ ඇස් ... " කියලා මගේ කටින් එළියට පැන්නේ එතුමාව වගේ ම මාවත් තිගස්සවමින් ...

එක්වරම මං කොයිතරම් අශීලාචාරද කියලා මට  වැටහෙද්දී  ... වදන් ආපසු ගැනීමට මා  දැනටමත් ප්‍රමාද වෙලා තිබුනා ...

ඉතින් මං එතුමගේ මුව දෙස බලාගෙන ම හිමීට අඩියක් පිටිපස්සට ගත්තේ ... සමාව ඉල්ලන්න වචන අහුලන ගමන් ...

ඒත් එතකොට ම

" ඔබ හරි ... ඔහුට තියෙන්නේ මගේ ඇස් ... වෙයි යින්ග් එවිට ඔබේ ඇස් ... ඔය අළු ඇස්වලටත් මේ වගේ පරම්පරාවක් තිබේද ... "

මා කලින් වදනින් තිගැස්සුනේ යම්සේද ඊට දහස් ගුණයක ප්‍රබලත්වයෙන් මෙවර මා එතුමාගේ මෘදු වදන් අබියස තිගැස්සෙද්දී ... මං තවත් අඩියක් පස්සට ගත්තා ...

අහෝ ! කරුමෙක මහත කිව්වලූ ...
මගේ පිටිපස්සේ තිබුනෙ යුවාන්ගේ පෙට්ටගම් කිහිපය උනා ... ඉතින් අර පස්සට ගත්තු අඩියත් එක්ක ම පිටිපස්සේ තිබ්බ පෙට්ටගම් ටිකේ මගේ පය පැටලෙද්දී මං ඒටිකත් පෙරළගෙන වැටෙන්න යද්දීම ...

දරදඩු ශක්තිමත් දෑතක් මගේ හීනී ඉග වටා එතෙද්දී සදුන් සුවද හරිම සැරට මට දැනුනා ... මගේ හදවත අසූහාරදාහක වේගයෙන් ගැහෙන්න ගනිද්දී ... මගේ පපුව ඕනෑවටත් වඩා උස් පහත් උනා ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now