chapter 7

573 99 48
                                    

නළලට තියන හාදු හරි බරයිලූ ... ඒකට හේතුව ඒ හාදුවේ ප්‍රේමයත් එක්ක මුහුවෙලා තියන ... ' බයවෙන්න එපා මං ඔයාව මල් පෙත්තක් තරම් සුමුදුවට රැකගන්නම් ... හුළගකින් පවා ඔයාව ආරක්ශාකරගන්නම්  ' වගේ හරි උණුසුම් ආදරණීය හැගීම් දැවටිලා තියන නිසා ලූ ...

ඉතින් ඒ බර හාදුවෙන් පස්සේ අපේ ඇස්  හමුවුනේ හරි අඩුවෙන් ... ඒත්  අතරින් පතර හදිසියේම වගේ මුණ ගැහුණු  හැමවෙලවකම ඒවා හරි ඉක්මනින් වෙනතක් බලාගත්තේ කම්මුල් වල රතු පැහැ පැල්ලම් ඉතිරි කරමින් ...

ඔව් අපි දෙන්නට ම හරීයට ලැජ්ජ හිතිලා ... !!!

හාදුවෙන් හෝරා කාලකට විතර පස්සේ යුවාන් අඩාගෙනම ඇහැරුනේ මෙතෙක් වෙලා ඇස්වලින් හැංගිමුත්තන් කර කර හිටපු උතුමාණන් වගේ ම මාවත් වර්තමානයට ඇද දමමින් ...

මං ඉක්මනින් කුමාරයා වෙත ළං වෙලා ඔහුව අතට අරගෙන ඔහු සන්සුන් වෙනකං ඔහුව හෙමීට නළවන්න ගත්තේ ඔහුගේ පිටට මෘදු ලෙස තට්ටු කරන ගමන් ...

මට තාමත් දේවල් පැටලිලා තිබුනා ... ඔව් එතුමා මට ආදරය කරල ... මං ආපු දවසේ ඉදලම ... එතුමා මා ගැන බලලා ... මා නොදැනුවත්ව ම වුවත් ... හොදයි කොටින්ම කිව්වොත් එතුමා මං ගැන ආදර උමතුවකින් වෙලිලා ... මගේ අළු පාට විමසුම් ඇස් ඉදිරියේ ...

ඒත් ... ඒත් ...

මට එතුමා ගැන දැනෙන්නේ කොහොමද ...

මං ඒකට හරි හමන් උත්තරයක් දැනගෙන හිටියේ නෑ ...

මං එතුමට කැමති ... ඒකේ සැකයක් නෑ .... මට එතුමා ඉස්සර හරී අමුතු විදිහට දැනෙනව ... ඒකත් ඇත්ත ...

ඒත් ... ඒත් ...

ඒකද ආදරය ...

යුවාන් සනසන ගමන් මං මේ මනෝලෝකේ පැටලිලා ඉන්දෙද්දී ... එකපාරටම මාව තිගැස්සෙන දෙයක් උනේ ... මාව මොහොතකට කුටියේ මධ්‍යයේ ම පාෂාණීබූත කර දමමින් ...

උතුමාණන්ගේ දෑත් හරි හෙමීට මගේ බද දෙපසින් පටන්ගෙන කෙමෙන් කෙමෙන් මගේ ඉණ ආක්‍රමණය කරන්න ගත්තේ ... මට නැවතත් ගොළු කසාය පොවමින් ...

මං පොඩ්ඩක් වත් නොසෙල්වී එහෙම්මම හිටියා ... අර සදුන් සුවද එන්න එන්න හුගක් තීව්‍ර ව දැනෙද්දී එතුමා එතුමගෙ නිකට මගේ උරහිස්වලට බරකරගෙන යුවාන් දිහාවට ඇස් හැරෙව්වේ මං බෙල්ල හරවලා පුමයෙන් එතුමා දිහා බලං ඉද්දී ... එතුමගේ උණුසුම් සුසුම් මගේ බෙල්ල පිසගෙන හමායද්දී  මගේ ඇග ඇතුළේ ලැව්ගින්නක් පැනනැගුන හා සමාන වුනා .... ඒත් එක්වරම ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now