Episode 6

371 99 18
                                    

"මොකාද මේ කුලප්පු උන මී හරකෙක් වගේ දුවන්නේ"

"😐 Jimin !!..ඇයි මේ??"

තමන් දිහාවට හති දදා දුවගෙන ආපු jimin ව දැකලා so yun පුදුම උනා.soyum දිහාවට වේගෙන් දුවගෙන ආපු jimin yun ගෙ එහා පැත්තෙ තිබ්බ කළුවර පටු පාරකට yun වත් ඇදගෙන ගියේ yun ට හිතන්නවත් වෙලාවක් නොදී.
ඒ වෙලාවෙ තිබුනු කළුවරත් එක්ක එකන පාරක් තියනවද කියලවත් හොයාගන්න අමාරු උනා.

"Jimin.."

Yun හිතේ තිබ්බ ප්‍රශ්න ගොඩක් අහන්න කට ඇරපු ගමන්ම jimin කරේ yun ගෙ කට අතින් වහලා yun වත් ඇදගෙන එතනම වාඩි උන එක.

yun ගෙ හිතේ දාහක් ප්‍රශ්න මතු උනා. ඒ එක්කම yun ට දැනුනා jimin තමන්ගෙ ඇඟට බර වෙනවා කියලා.ඒවෙලාවෙ නම් yun ට හොදටම කේන්ති ගියා.

"😡jimin එහාට වෙනවා ..මොකද වෙලා තියෙන්නෙ"

එහෙම කියලා yun jimin ගෙ උරහිසෙන් අල්ලලා එහාට තල්ලු කරපු පාරට jimin එක පාරටම බිමටම වැටුනා.

yun හොඳටම බය උනේ jimin හෙල්ලෙන්නෙවත් නැතුව බිම වැටිලා හිටපු නිසා.
yun ට තේරුනා jimin සිහිය නැතුව වැටිලා කියලා.

"jimin ..මොකද උනේ..අනේ නැගිටින්න..jimin."

Jimin ගෙ ඔලුව උකුල උඩ තියාගෙන yun jimin වනැගිට්ටවන්න උත්සහ කරත් කෙල්ල හිටියෙ හොදටම බය වෙලා.

"jimin..මාව ඇහෙනවද??"

jimin ගෙ කිසිම ප්‍රතිචාරයක් තිබුනෙ නැහැ. මුලු ඇඟම දාඩියෙන් තෙත් වෙලා.

ඒත් එක්කම yun ට ඇහුනා අඩි සද්දයක්.කවුරුහරි එයාලා හිටපු පටු පාර පහු කරගෙන දුවගෙන ගියා.
ඒ අතේ තිබුන දිග යකඩ පොල්ල දැකපු yun ට තේරුනා වෙලා තියන දේ.

"කවුද ඒ..එතකොට එයා ආවෙ jimin ව මරන්නද ?? ඒත් ඇයි😣"

මේ වගේ ප්‍රශ්න දහසක් තිබ්බත් yun jimin ව නැගිට්ටවන්න උත්සහ කරා.

yun han soul ට call කරේ කරන්න දෙයක් හිතාගන්න බැරිම තැන.

"hello....han soul..අනේ ඉක්මනට එන්න..jimin.."

"Yun..මොකද උනේ ..ඔ..ඔයා අඩනවද?"

yun දන්නෙත් නැතුව එයාගෙ ඇස්⁣ දෙකෙන් කඳුලු එන්න ගත්තා.

"jimin...අනේ ඉක්මනට එන්න 😣😢"

"හරි හරි ..කලබල වෙන්න එපා .මම එනවා.. ඔතනම ඉන්න."

🚫 THE KILLER 🚫Tahanan ng mga kuwento. Tumuklas ngayon